ශ්‍රී ලංකා නාවික හමුදාව තමයි ලෝකයේම හොඳම නාවික හමුදාව. මුහුද මැද සටන් කරලා අත්දැකීම් තියෙන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවට විතරයි. ඒකත් ඉතාම අඩු පහසුකම් යටතේ.
අද ශ්‍රී ලංකා නාවික හමුදාවට අලුත් සාමාජිකයෙක් එකතු වුණා. ඒ අමෙරිකාවෙන් තෑගි දුන්න ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලොකුම යුධ නැව. මේ නැවේ දිග මීටර් 115 ක්. 167 ක කාර්යමණ්ඩලයක් නෞකාවේ රඳවන්න පුළුවන්. පෙරේදා (27) හොනලුලුහිදී තමයි මේ නැව ශ්‍රී ලංකාව පරිත්‍යාග කරේ.
මෙම නෞකාවේ මෙහෙයුම් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික නාවිකයින් 110 දෙනකු මාසයකට වැඩි කාලයක් පුහුණුව ලබා තිබෙනවා. 2019 වසරේ පෙබරවාරි මාසයේ තමයි නැව ලංකාවට එන්නේ. එතකම් පුහුණු කටයුතු සහ අලුත්වැඩියා කටයුතු කිහිපයක් සිදු කරන්න නියමිතයි.