News Line| Off Air| Games
Generic placeholder image

Aug
29

සීතල යුද්ධයෙන් පසු දැවැන්තම යුධ අභ්‍යාසයට රුසියාව සූදානම් වෙයි.

525 Views


සීතල යුද්ධයෙන් පසු දැවැන්තම යුධ අභ්‍යාසයට රුසියාව සූදානම් වෙයි.

යුද්ධයක් නැති කාලයකට රට රටවල බලය පෙන්වන ක්‍රමයක් තමයි යුධ අභ්‍යාස. ඒ වගේම යුද්ධයකට පෙර සූදානම් වෙන්නත් යුධ අභ්‍යාස කරනවා. සීතල යුධ සමයෙන් පස්සේ පවත්වන විශාලම යුධ අභ්‍යාසයට රුසියාව සූදානම් වෙනවා.

වසර 37 කට පස්සේ තමයි රුසියාව මේ වගේ දැවැන්තම යුධ අභ්‍යාසයක් කරන්නේ. “වෝස්ටොක් 2018” කියලා තමයි මේ යුධ අභ්‍යාසය නම් කරලා තියෙන්නේ. සැප්තැම්බර් මස 11 වෙනිදා සිට 15 දක්වා මේ යුධ අභ්‍යාසය පවත්වන්න නියමිතයි.

මෙම යුධ අභ්‍යාසය හේතුවෙන් තම රටට එරෙහිව එල්ලවු “අහිතකාමි සහ ආක්‍රමණශීලී” ක්‍රියා කළාපයන්ට අභියෝග කරමින් ලබාදෙනු ලබන පිළිතුරක් කියලයි රුසියාව කියන්නේ.

මෙම යුධ අභ්‍යාසය සදහා තුන්ලක්ෂයක හමුදා බල ඇණියක්, යුධ ටැංකි ඇතුළු හමුදා රථ 36,000ක්, ගුවන් යානා 1000 ක් සහ නාවික හමුදාවේ ප්‍රහාරක නැව් දෙකක් එක් වෙන්න නියමිතයි. ඊට අමතරව ච්නය සහ මොංගෝලියානු හමුදා බළ ඇණි කිහිපයක්ද මෙම රුසියානු යුධ අභ්‍යාසයට එක්විමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post