News Line| Off Air
Generic placeholder image

Aug
30

රේස් පදින්න හදන සෞදි අරාබියේ පළවෙනි සුරූපිනිය.

552 Views


රේස් පදින්න හදන සෞදි අරාබියේ පළවෙනි සුරූපිනිය.

ඉස්සර සෞදිය කිව්වම මතක් වෙන්නේ නීති වලින් මිරිකුන රටක්. හැබැයි දැන් සෞදිය කියන්නේ ඉතාම නිදහස් රටක්. දවසින් දවස සෞදියේ නීති ලිහිල් වෙන්න පටන් අරන් තියෙනවා.

ඒ අතරින් සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු සෞදි කාන්තාවන්ට රිය පැදවීමට වරම් ලෝකයේම කතා බහට ලක්වුණා. මේ ලැබුන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න සෞදියේ තරුණියක් සූදානම් වෙමින් ඉන්නවා.

රේස් පදින්න සැරැසෙන මෙම සෞදි සුරූපිනිය 30 හැවිරිදි රානා අල්මිමෝනිය. ‘මම වාහන පදින්න ආසයි. වේගයෙන් යන්න ආසයි. වේගයට මම ප්‍රිය කරනවා. අශ්ව බල 500 ක ධාරිතාවකින් යුත් කාර් එකක් පදවමින් රේස් යෑමයි මගේ සිහිනය’ කියලයි රානා කියන්නේ.

කවදා හරි මෝටර් රථ ධාවන තරඟාවලියකට සහභාගී වෙන එක තමයි ඇයගේ ඉලක්කය වෙලා තියෙන්නේ. මේ වෙද්දීත් ඇය ඒ සඳහා සූදානම් වෙමින් ඉන්නවා. රානා රියාද් නුවරට ඔබ්බෙන් කාන්තාර ප්‍රදේශයේ පුහුණුවීම්වල නිරත වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post