News Line| Off Air
Generic placeholder image

Aug
31

කොළඹ සහ දඹුල්ල අවසන් සටනට සැරසෙයි.

2932 Views


කොළඹ සහ දඹුල්ල අවසන් සටනට සැරසෙයි.

SLC T20 තරඟාවලියේ අවසන් තරඟ 2 ඊයේ පැවැත්වුණා. මහනුවරදී පැවැත්වුන මේ තරඟ වලින් අවසන් මහා තරඟයට දොර විවෘත කර ගන්න කොළඹ සහ දඹුල්ල කණ්ඩායම් සමත් වුණා.

පළවෙනි තරඟය පැවැත්වුනේ ගාල්ල සහ නුවර කණ්ඩායම් අතර. ඒ තරගයෙන් කඩුලු 5 ක ජයක් ලබන්න නුවර කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්න ගාල්ල කණ්ඩායම කඩුලු 5 කට ලකුණු 196 ක් ලබා ගත්තා.

කුසල් මෙන්ඩිස් වේගවත් ලකුණු 43 ක් රැස් කරා. ඔහුගේ ඉනිමට 4 පහර 5ක් සහ 6 පහර 3 ක් ඇතුලත් වුණා. ඇන්ජලෝ පෙරේරා ලකුණු 47 යි. අසේල ගුණරත්න නොදැවී ලකුණු 46 යි. චරිත අසලංක කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල නුවර කණ්ඩායම පන්දු 4 ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය ලබා ගත්තා. නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 47 යි. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක නොදැවී ලකුණු 102 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට 4 පහර 13 ක් සහ දැවැන්ත 6 පහර 5 ක් ඇතුලත් වුණා. ධනංජය ද සිල්වා කඩුලු 2 ක් දවා ගත්තා.

කොළඹ සහ දඹුල්ල කණ්ඩායම් අතර තරඟයෙන් ලකුණු 5 ක තියුණු ජයක් ලබා ගන්න කොළඹ කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්න කොළඹ කණ්ඩායම කඩුලු 6 කට ලකුණු 140 ක් ලබා ගත්තා. කොළඹ කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් සාර්ථක වුණේ නෑ.

7 වන කඩුල්ලට වනිඳු හසරංග සහ නායක ඉසුරු උදාන ලකුණු 72 ක් එකතු කරා. වනිඳු නොදැවී ලකුණු 26 යි. 6 පහර 5 ක් සමඟින් ඉසුරු උදාන නොදැවී ලකුණු 46 යි. ජීවන් මෙන්ඩිස් කඩුලු 3 ක් බිඳ දැමුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල දඹුල්ල කණ්ඩායමට ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 135 ක් විතරයි. ප්‍රියමාල් පෙරේරා ලකුණු 46 යි. 6 පහර 4 ක් සමඟින් සම්මු අශාන් ලකුණු 32 යි. අමිල අපොන්සු කඩුලු 3 ක් දවා ගත්තා.


News Articles
Latest Videos
Most Popular Post