News Line| Off Air| Games
Generic placeholder image

Aug
31

ජම්පරයට විරුද්ධව ඥාණසාර හිමි සටනක.

578 Views


ජම්පරයට විරුද්ධව ඥාණසාර හිමි සටනක.

වසර 6 ක සිර දඬුවමක් නියම වුන බොදුබල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඊයේ වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුලත් කරා. එහිදී ඥාණසාර හිමියන්ට ජම්පරය අන්දවන්න බන්ධනගාර නිලධාරීන් උත්සාහා කරලා තියෙනවා.

හැබැයි ඥාණසාර හිමියන් ජම්පරය ඇඳීම් තරයේ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. කොහොම වුනත් බන්ධනාගාර ගතවන ඕනෑම කෙනෙකු ජම්පරය ඇදිය යුතු බවයි නිධාරීන් ඥාණසාර හිමියන්ට දන්වලා තියෙන්නේ.

තමන් චීවරය ඉවත් කර ජම්පරය අඳින්නේ මහනායක හිමියන් නියම කළහොත් විතරයි කියලා උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා. මේ නිසා බන්ධාගාර නිලධාරීන් අලි අමාරුවක වැටිලා. මෙව් නිසා වැලිකඩ බන්ධාගාරය බන්ධනාගාර මූලස්ථානයෙන් උපදෙස් පතලා තියෙනවා.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මේ වෙද්දී බන්ධනාගාර රෝහලේ පළමු වන වාට්ටුවේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා. උන්වහන්සේට අමතරව තවත් රැඳවූවන් 40 කට ආසන්න පිරිසක් ද එම වාට්ටුවේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post