News Line| Off Air
Generic placeholder image

Aug
31

මිලිමීටර් 2 ක සිදුරක් නිසා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අනතුරේ.

533 Views


මිලිමීටර් 2 ක සිදුරක් නිසා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අනතුරේ.

මිනිසාගේ තවත් සුවිශේෂී නිර්මාණයක් තමයි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය. විශ්වයේ රහස් හොයන්න රටවල් කිහිපයක් එකතුවෙලා අභ්‍යවකාශයේ හදපු පරික්ෂනාගරයක් තමයි මේක.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වායු කාන්දුවක් ගැන ගගනගාමීන් පිරිසක් ඊයේ හොයාගෙන තියෙනවා. පසුව කරපු සොයා බැලීම් වලදී මිලිම්ටර් 2 ක් කුඩා සිදුරක් හමුවෙලා තියෙනවා. රුසියාවට අයත් කොටසේ තමයි මේ සිදුර ඇති වෙලා තියෙන්නේ.

මේ වෙද්දී සිදුර වසා දමලා කියලයි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වාර්තා කරන්නේ. කොහොම වුනත් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කාර්යමණ්ඩලයට මින් කිසිම හානියක් සිද්ධ වෙලා නෑ.

https://twitter.com/Space_Station/status/1035247544673157126


News Articles
Latest Videos
Most Popular Post