පහුගිය දවස්වල බස්නාහිර පළාත් සභාවට සුඛෝපභෝගී පුටු ගෙන්වන්න සූදානම් වුණා. එක පුටුවක මිල ලක්ෂ 6 ක් විතර වෙනවා කියලයි වාර්තා වුනේ. මේ සැප පුටු උණ පාර්ලිමේන්තුවටත් පැතිරිලා තියෙනවා.
පාර්ලිමේන්තු සභා ශාලාව සඳහාත් අලුතෙන් පුටු ගෙන්වන්න තීරණය කරලා තියෙනවා. ඒ දැන් තියෙන පුටුවල සපපහසුව අඩු වෙලා තියෙන නිසා. දැන් පාර්ලිමේන්තුවේ තියෙන පුටු පාර්ලිමේන්තුව ඉදිකෙරුණු අවස්ථාවේ එහි සවි කෙරුණු පුටුමයි. ඒ මීට වසර 36 කට කලින්.
අලුතෙන් පුටු 232 ක් ගෙන්වන්න තමයි යෝජනා වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ ඉදිකිරීම් ව්‍යූහයට අනුව පුටු අලුතෙන් සවි කිරීමට නම් පැරණි පුටු මෙන්ම බුමුතුරුණුද සම්පූර්ණයෙන් ගලවා ඉවත් කරන්න වෙනවා.
ඒ වගේම පාර්ලිමේන්තුවේ ඉදිකිරීම් ව්‍යූවහයට අනුව ඊට යොදන සියලූ දේ ජපානයෙන් ආනයනය කිරීමට සිදු වෙනවා.