ලොව පුරා ඉහළ අලෙවියක් ඇති ජංගම දුරකථන මාදිලියක් තමයි ඇපල් අයිෆොන්. ඒත් සිය තරඟකාරී සැම්සුන් සමාගම එක්ක තරඟයේදී ප්‍රධාන වෙනසක් ලෙස පෙන්නුම් කරන්න බැරි වුණේ සිම් දෙකක් දැමීමේ (ඩුවල් සිම්) පහසුකම මේ දක්වා හඳුන්වා දුන්නේ නැති නිසා.
එත් මේ දවස්වල පළවන තාක්ෂණික පුවත් වෙබ් අඩවි වාර්තා රැසකින්ම අනාවරණය කරන්නේ iOS 12 beta code එක්ක සිම් දෙකක් දාන්න පුළුවන් විදිහේ අයිෆොන් හඳුන්වා දෙන්නට ඇපල් සූදානම් බවයි.
මේ ගැන තාක්ෂණික විශේෂඥයින් අදහස් පළ කරමින් දන්වල තියෙන්නේ ඉන්දියාව චීනය හා ආසියානු වෙළෙඳ පොළ තුළ සිම් එකක් ඇති ජංගම දුරකථන මාදිලි වලට වඩා සිම් දෙකේ ඒවා ජනප්‍රිය වීමත් සංචාරකයින් ලෙස ලොව පුරා නිරන්තරයෙන් ගමන් කරන බටහිර හා යුරෝපා පාරිභෝගිකයින්ට සිම් දෙකක් දැමීමේ පහසුකම මත සන්නිවේදන අවශ්‍යතා වඩා හොඳින් සපුරාගන්නට ඉඩකඩ ලැබීමත් නිසා ඇපල් මෙම වෙනස ඇති කළ බවයි.