News Line| Off Air
Generic placeholder image

Sep
2

ක්‍රිකට් ලෝලීන්ගේ සිහින සැබෑ වුන ආසියානු කුසලානයට යන සිංහ බලඇණිය මෙන්න.

3989 Views


ක්‍රිකට් ලෝලීන්ගේ සිහින සැබෑ වුන ආසියානු කුසලානයට යන සිංහ බලඇණිය මෙන්න.

ආසියාවේ ශූරයන් සොයන “ආසියානු කුසලානය” තවත් නොබෝ දිනකින් ආරම්භ වෙනවා. ආසියාවේ ක්‍රිකට් ආධිපත්‍ය තහවුරු කර ගන්න යන ශ්‍රී ලංකාවේ සිංහ බලඇණිය නම් කරලා තියෙනවා.

මේ සංචිතයේ විශේෂත්වය තමයි ක්රික ලෝලීන්ගේ දැඩි බලපෑම් හමුවේ යෝකර් කින්, ලසිත් මාලිංග සංචිතයට කැඳවලා තිබීම. අවුරුද්දකටත් වඩා වැඩි කාලයකට පස්සේ තමයි මාලිංගව ජාතික කණ්ඩායමට නම් කරලා තියෙන්නේ.

සිංහ බලඇණියේ නායකත්වය සුපුරුදු පරිදි ඇන්ජලෝ මැතිව්ස්ට හිමි වෙලා තියෙනවා. මේ තියෙන්නේ ආසියානු කුසලානයට නම් කල ශ්‍රී ලංකා සංචිතය.

ඇන්ජලෝ මැතිව්ස් (නායක), කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා, දසුන් ශානක, ධනංජය ද සිල්වා, අකිල ධනංජය, ඩිල්රුවන් පෙරේරා, අමිල අපොන්සු, කසුන් රාජිත, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර සහ ලසිත් මාලිංග

අතිරේක
ෂෙහාන් මධුෂංක, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන්, ෂෙහාන් ජයසූරිය සහ නිරෝෂන් දික්වැල්ල


News Articles
Latest Videos
Most Popular Post