මොනම ක්‍රීඩාවක වුනත් පැවැත්ම තියෙන්නේ ප්‍රේක්ෂකයන් නිසා. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව මෙතරම් ජනප්‍රිය වෙලා තියෙන්නේ ලෝකය පුරා ක්රික ලෝලීන්ගේ ආදරය නිසා.
හැබැයි බංගලාදේශයේ එක ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට නම් ප්‍රේක්ෂකයන්ව පෙන්නන්න බෑ. ඒ තමයි යොවුන් ක්‍රීඩක ශබීර් රෙහෙමාන්. ඔහු Facebook ඔස්සේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට බැන වැදිලා තියෙනවා.
මේ නිසා ඔහුට මාස 6 ක තරඟ තහනමක් පනවන්න බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කරලා තියෙනවා. ශබීර් රෙහෙමාන්ට මීට පෙරද පළමු පෙළ තරගයකදී පේ‍්‍රක්‍ෂකයෙකුට පහරදුන් බවට එල්ල වූ චෝදනාවට දඩ මුදලක් ද පැනවුණා.