රටේ මොන ප්‍රශ්නයක් වුනත් බුකියේ කතා කරන එක සාමාන්‍ය දෙයක්. විශේෂයෙන්ම ක්‍රිකට් ගැන. පහුගිය කාලයේ අසාධාරණයට ලක්වුන ක්‍රීඩකයින්ව කණ්ඩායමට ඇතුලත් කරන්න කියලා ලොකු සටනක් බුකියේ ගියා.
ඒ සටනේ ප්‍රතිඵලයක් විදියට ලසිත් මාලිංගට නැවතත් කණ්ඩායමට එන්න අවස්ථාවක් ලැබුණා. කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා ගනිද්දී වැඩි වගකීමක් පුහුණුකරු විදියට හතුරුසිංහට පැවරෙනවා. ඒ නිසා බුකියේ පළවෙන Post වලින් වැඩි හරියක තියෙන්නේ “හතුරුසිංහ මෙයාව දාන්න, අරයව කණ්ඩායමට ගන්න” කියලා .
මේ බුකි පොස්ට් වලට හතුරුසිංහ FB Post එකකින්ම උත්තර දීලා තිබ්බා. ඒ ක්‍රිකට් ලෝලීන්ම නිර්මාණය කරලා තිබුන Post එකක් Twitter එකේ Share කරලා. “අරයව දාන්න, මෙයාව දාන්න කියන්න එපා බන්. එකලොස්දෙනයිනේ සෙල්ලම් කරන්න පුළුවන්. එක තේරුම් ගනිල්ලා. – හතුර්සිංහ” කියලා තමයි ඒ Post එකේ තියෙන්නේ.
හතුරුසිංහට ඇත්තටම කියන්න ඕන දේ මේ Post එක ස්හරේ කරලා කිව්වද දන්නෙත් නෑ.