ගාල්ල වරායේ ඉතිහාසය ගොඩාක් ඈතට දිව යනවා. ලංකාවේ ඉතිහාසය් වෙනස් කරපු වරායක් විදියට ගාල්ල වරාය හදුන්වන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ තියෙන ලස්සනම ස්වභාවික වරායක්.
කොහොම වුනත් ගාලු වරායේ කොටසක් පෞද්ගලික සමාගමකට විකිණීමට සූදානම් වීමේ පුවතක් වාර්තා වෙනවා. නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසුවේ මෙම යෝජනාව ක‍්‍රියාත්මක වෙමින් ඇත්තේ කිිසිදු විනිවිදභාවයක් නැතුව කියලා.
මේ යෝජනාව ගැන මාධ්‍ය වාර්තා කරන තෙක් තමන් නොදන්නා බවයි මනූෂ නානායක්කාර මහතා වැඩිදුරටත් කිව්වේ. අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරේ එවැනි යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙලා නෑ කියලා.