News Line| Off Air
Generic placeholder image

Sep
3

කිං ඛාන්ගේ කවුරුත් නොදත් රහසක් එළියට.

925 Views


කිං ඛාන්ගේ කවුරුත් නොදත් රහසක් එළියට.

බොලිවුඩයේ රජු කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන්. ඔහු ලෝකයේ සුපිරිම නළුවන් අතර ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්. ඔහුගේ තියෙන නිහතමානීකම නිසාම ලෝකය පුරාම රසිකයන් ශාරුක් ඛාන්ට ආදරය කරනවා.

ශාරුක් මෙච්චර දවසක් රහසේම කරගෙන ආව වැඩක් ගැන හෙළිවෙලා තියෙනවා. පහුගිය දා කේරළ ප්‍රාන්තයට බලපෑ ගංවතුරෙන් පීඩාවට පත්වුන ජනතාවට උදව් කරන්න ඔහු ඉදිරිපත් වෙලා තිබුණා. වාර්තා වෙන විදියට ඔහු ජනතාව වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 21 කට වඩා පරිත්‍යාග කරලා තියෙනවා.

ඒ වගේම හැම අවුරුද්දකම ඔහුගේ වාර්ෂික ආදායමෙන් කොටසක් අසරණ දරුවන් වෙනුවෙන් වියදම් කරනවා. පිළිකා රෝගයෙන් පෙලෙන දරුවන් වෙනුවෙන් ඔහු පුළුවන් හැම වෙලේම මුදල් පරිත්‍යාග කරනවා කියලයි වාර්තා වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post