News Line| Off Air| Games
Generic placeholder image

Sep
4

 ජනප්‍රිය ගායක විරාජ් පෙරේරාගේ ගායනයෙන් කසුන් කල්හාරව හොල්මන් වෙයි.

6367 Views


 ජනප්‍රිය ගායක විරාජ් පෙරේරාගේ ගායනයෙන් කසුන් කල්හාරව හොල්මන් වෙයි.

කසුන් කල්හාර කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂම සංගීතවේදියෙක්. පහුගිය 31 වෙනිදා කසුන් හිටියේ මොණරාගල. ඒ එනටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට සමගාමීව පවත්වපු සංගීත ප්‍රසංගයක ගීත ගායනා කරන්න. වේදිකාව පිටුපස මිතුරන් කිහිප දෙනෙක් එක්ක පොඩි කතාවක ඉන්න වෙලාවේ කසුන්ට වේදිකාව උඩ ඉන්න ගායකයාගේ හඬ යන්තම් ඇහෙනවා.

“මාර කොල්ලෙක්නේ, මරු Voice එක, මේ කොල්ලට හොඳ ගමනක් තියෙනවා. අද Live හොඳටම Sing කරේ මේ කොල්ලනේ, Stage එකෙන් බහිනකොට මෙතනට එක්කගෙන එන්න.” කසුන් සංවිධායක මණ්ඩලයේ හිටපු තමන්ගේ මිතුරෙක්ට කිවුවා.

කසුන් කල්හාරව හොල්මන් වෙන්න සජීවීව ගීත ගායනා කරපු අලුත් පරපුරේ ගායකයා ටික වෙලාවක් යනකොට කසුන් ඉස්සරහට ආවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ජනප්‍රිය ගායක විරාජ් පෙරේරා. ටික වෙලාවක් කසුන් විරාජ් එක්ක කතා කරකර හිටියා.

“මල්ලි උඹට හොඳ ගමනක් තියෙනවා. ඉස්සරහටම යන්න පුළුවන්, පොඩි දේවල් ටිකක් තියෙනවා හදා ගන්න, මම උදව් කරන්නම්, කොළඹ ආවම මාව හම්බවෙන්න එන්න.” බොහොම නිහතමානිව කසුන් විරාජ්ට කිවුවා. නොහිතපු විදිහට මේ ප්‍රවීනයාගෙන් ලැබුණු පැසසුම් හිස නවා පිළිගත්තා විරාජ් එතැනින් පිටවුනේ කසුන්ට වැඳලයි.

කසුන් – විරාජ් සුසංයෝගයෙන් අපිට අමතක නොවන ගීතයක අත්දැකීමක් ලැබෙන බවට පළමු දැනුම් දීමත් මේක වෙන්න පුළුවන්. කොහොම වුණත් නව පරපුරේ ගායකයන්ට හැමෝම බනින අතර දක්ෂයන්ට නියම තැන දෙන්න කසුන් දෙපාරක් නොහිතපු එක ගැන නම් අපි කසුන් කල්හාරට ස්තූතිවන්ත වෙන්න ඕනේ.

 

විරාජ් පෙරේරා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ ගීත ගායනා කළ අයුරු

https://www.facebook.com/official.VIRAJ.Perera/videos/225125075017663/


News Articles
Latest Videos
Most Popular Post