අද මුළු කොළඹම ඉන්නේ හෙල්ලිලා. ඒ ඒකාබද්ධ විපක්ෂයේ “ජන බලය” විරෝධතාවය නිසා මොනවයින් මොනවා වෙයිද කියලා දන්නේ නැති නිසා. මේ නිසා සමහරු වේලාසනින්ම කොළඹින් පිට වුණා.
තාමත් “ජන බලය” රැලිය පවත්වන ස්ථානයක් ගැන දැනුම් දීමක් කරලා නෑ. කොහොම වුනත් මේ වන විටත් ජන බලය විරෝධතාවයට සහභාගී වෙන්න රට වටෙන්ම් පිරිසි පැමිණෙමින් ඉන්නවා කියලයි සියත ප්‍රාදේශීය වාර්තාකරුවන් වාර්තා කරන්නේ.
කොහොම වුනත් එකාබද්ධ විපක්ෂයේ කොළඹ වට කරන සැලැස්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන හෙළිකරා. “හැම බස් රථයකටම අපේ පුද්ගලයෙක් අපි දාලා තියෙනවා. ඒයා හරහා දුරකතන සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. හැම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුටම සංවිධායකවරයෙකුත් නම් කර තියෙනවා… ඒ හරහා මාර්ග අවහිර වුණොත් දැනුම් දෙන්න පුළුවන්…ප්‍රශ්න තියෙන තැන් හඳුනගන්න පුළුවන්…ඒ වගේම නීතිඥවරුත් හැම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුටම සම්බන්ධ කරලා තියෙනවා..විවිධ උපදෙස් ලබා ගන්න. පෙරවරු 11.00 පමණ වනවිට SMS පණිවුඩ මගින්..සමාජජාල මාධ්‍ය මගින් සහ මාධ්‍ය වාර්තා මගින් පැමිණිය යුතු ස්ථානය අවශ්‍ය වෙලාවට දැනුම් දෙනවා.” කියලයි ඔහු කිව්වේ.