News Line| Off Air
Generic placeholder image

Sep
6

චන්දිමාල්ට ආසියානු කුසලානය අහිමි වෙන ලකුණු

1269 Views


චන්දිමාල්ට ආසියානු කුසලානය අහිමි වෙන ලකුණු

දැන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝගෙම බලාපොරොත්තුව ලබන 15 වෙනිදට පටන් ගන්න ආසියානු කුසලානය. ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරලා ඉවරයි. හැබැයි මේ කණ්ඩායමේ ඉන්න අකිල ධනංජය පළමු තරඟ 2 සඳහා සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දුන්නා. ඒ අකිල තම පළමු දරුවාගේ උපත බලාපොරොත්තුවෙන් බිරිඳ සමග සිටීමට අවශ්‍ය බවට කළ ඉල්ලීම නිසයි.

මේ අතර ශ්‍රී ලංකාවේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්ද මෙවර ආසියානු කුසලානය සඳහා සහභාගී වීම අවිනිශ්චිත තත්වයකට පත්වී තිබෙනවා. ඒ පහුගිය දවස් වල ලංකාවේ තිබුණු දේශීය 20/20 තරඟාවලිය අතරතුර චන්දිගේ ඇඟිල්ලේ අබාධයක් ඇතිවුණු නිසා. කොහොම වුනත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරේ මේ සතියේ පැවැත්වෙන පරික්ෂණයෙන් පසුව චන්ඩි ආසියානු කුසලානයට සහභාගී වනවාද නැද්ද යන්න තීරණය කරන්න පුළුවන් කියලයි.


News Articles
Latest Videos
Most Popular Post