News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
12

තෙල් මිල ඉහළ ගිය පසු වැඩි වෙන අනිත් ගාස්තු මෙන්න.

667 Views


තෙල් මිල ඉහළ ගිය පසු වැඩි වෙන අනිත් ගාස්තු මෙන්න.

තෙල් මිල වැඩි වුනේ පෙරේදා මධ්‍යම රාත්‍රියේ. දැන් ඉතින් හැමෝම දන්නවා තෙල් මිලේ වැඩිවීමත් එක්ක තව ගොඩාක් දේවල් වල ගැන වැඩි වෙනවා කියලා. ඊයේ හවස වෙනකොට ඒ වෙඩිල්ල පත්තු වුණා. ලංකා පුද්ගලික බස් හිමියන් බස් ගාස්තු වැඩිවීමක් ඉල්ලන්න තීරණය කරා. තෙල් මිල වෙනස් කරන මිල සුත්‍රය වගේම සුත්‍රයක් බස් ගාස්තු වලටත් අවශ්‍යයි කියලයි ඔවුන් කියන්නේ.

බස් ගාස්තු මිල සුත්‍රයක් ඇතිවිට තෙල් මිලට සාපේක්ෂව බස් ගාස්තුවත් එහෙ මෙහ කරගන්න පුළුවන් කියලත් බස් හිමියෝ කියනවා. කොහොම වුනත් මේ ඉල්ලීම ලබා දෙන්න ආණ්ඩුවට දින තුනක කාලයක් දීල තියෙනවා. රජය මැදිහත් වෙලා මේ සුත්‍රය හදලා නොදුන්නොත් වහාම 10% කින් බස් ගාස්තු වැඩි කරන්නයි බස් හිමියෝ තීරණය කරලා තියෙන්නේ.

මේ බස් ගාස්තු වැඩිවෙන අතර ඔක්තෝම්බර් 01 සිට දුම්රිය ගාස්තු 15% කින් වැඩි කරන්නත් දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කරලා. ඒ අනුව 3 වන පන්තිය රුපියල් 5 කින්, 2 වන පන්තිය රුපියල් 10 කින් සහ 1 වන පන්තිය රුපියල් 20කින් වැඩි වීමට නියමිතයි.

බස් දුම්රිය වැඩි වෙන අතර අද හෙට පාසල් සේවා රථ වගේම ත්‍රී රෝද හිමියොත් ගාස්තු වැඩි වීමක් ඉල්ලුවට පුදුම වෙන්න එපා.


News Articles
Latest Videos
Most Popular Post