News Line| Off Air
Generic placeholder image

Sep
13

“රෑ ඉඳලා උදේ 10 වෙනකම් මම බෝට්ටුවේ එල්ලිලා හිටියා” – දකුණ කම්පා කළ බෝට්ටු අනතුරෙන් දිවි බේරාගත් ධීවරයා කියයි.

929 Views


“රෑ ඉඳලා උදේ 10 වෙනකම් මම බෝට්ටුවේ එල්ලිලා හිටියා” – දකුණ කම්පා කළ බෝට්ටු අනතුරෙන් දිවි බේරාගත් ධීවරයා කියයි.

දකුණු වෙරළ තීරයේ පෙරේදා දිනයේ කණගාටුදායක සිදුවීමක් වුණා. බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය “මලිදු පුතා” බහුදින ධීවර යාත්‍රාව කවුරුවත් හීනෙකින්වත් නොහිතපු විදිහට මහ මුහුද මැදදී නැවක ගැටුනා. එහිදී බෝට්ටුවේ ගමන්ගත් ධීවරයින් 07 දෙනාගෙන් 06 දෙනෙකුම ඉතා අවාසනාවන්ත ලෙස මිය ගියා. ගොඩබිම ඉඳලා නාවික සැතපුම් 60 පමණ දුරකදී තමයි මේ අනතුර සිද්ධ වුනේ. ඒ අනුව මියගිය හය දෙනාගෙන් සිවු දෙනෙකුගේ මළ සිරුරු ඊයේ රාත්‍රියේ නාවික හමුදාව මගින් ගාලු වරාය වෙත ගෙනවිත් තිබෙනවා.

මේ අතර අනතුරින් දිවි බේරාගත් එකම පුද්ගලයා වුනු එරන්ද පුෂ්පකුමාර තමන් මුහුණ දුන් බිහිසුණු අත්දැකීම පිළිබඳව මෙලෙස අදහස් දැක්වුවා.

‘‘ඊයේ (11) හවස හයට විතර බේරුවල ධීවර වරායෙන් අපි පිටත් වුණා. බහුදින ධීවර යාත්‍රාවේ ධීවර කාර්මිකයින් හත් දෙනෙකු ගමන් කළා. ස්කිපර් විදියට කටයුතු කළේ කල්හාර අයියා.

අපි නාවික සැතපුම් 60ක් විතර ගියා මසුන් ඇල්ලුවේ නැහැ. රාත්‍රී 12.00 විතර වෙනකම් බෝට්ටුව අරන් ගියේ මම.රාත්‍රී 12.00ට විතර බෝට්ටුවේ වීල්එක කල්හාර අයියාට දුන්නා. පැයක්වත් ගියේ නැහැ.මම යාත්‍රාවේ පසු පසට වෙන්න නිදාගෙන හිටියේ . එකවරම බෝට්ටුව නැවේ වැදිලා පෙරලුනා.

මම මුහුදට විසිවුනා. මම පිනලා ඇවිත් බොට්ටුවේ එල්ලිලා හිටියා. නැව ළඟටම එනකම් දැක්කේ නැහැ.බොට්ටුවේ ඇතුලේ හිටපු අය හිරවුනා. බෝට්ටුව අනිත් පැත්ත ගැහුවා.

මම උදේ 10.00 වෙනකම් බෝට්ටුවේ එල්ලිලා හිටියා. පස්සේ මේ ගැන වෙනත් නැවකින් දැනුම් දීලා තිබුණා. නාවික හමුදාවේ මහත්වරු ඇවිත් මාව බේරගත්තා. ‘‘


News Articles
Latest Videos
Most Popular Post