News Line| Off Air
Generic placeholder image

Sep
13

නයි පෙන්නපු බංගලියන් ආසියානු කුසලානයේදී ලංකාවට කරන්න යන දේ මෙන්න

5817 Views


නයි පෙන්නපු බංගලියන් ආසියානු කුසලානයේදී ලංකාවට කරන්න යන දේ මෙන්න

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිස්සෝ දැන් බලාගෙන ඉන්නේ ආසියානු කුසලාන ආරම්භ වෙනකන්.ලබන 15 වෙනිදා ඩුබායි හිදී ආරම්භ වන ආසියානු ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන දිවයිනෙන් පිටත් වුණා. මෙහි සමාරම්භය සිදු වන්නේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවත් වන තරඟයෙන්.

හැබැයි පහුගියදා ලංකාවේදී නයි පෙන්නපු බංගලාදේශ කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක මහමදුල්ලා ආසියානු කුසලානයට එන අපේ සිංහ පැටවුන්ට පොඩි පාර්ට් එකක් දාලා තිබ්බා.

”මීට මාස පහකට පෙර අපි ශ්‍රී ලංකාවට ගොස්‌ ක්‍රීඩා කළ ආකාරය අපේ මතකයේ තියෙනවා. නමුත් ශ්‍රී ලංකාව හොඳින් ක්‍රිකට්‌ ක්‍රීඩා කරන රටක්‌. අපිට පුළුවන් උපරිම දෙය දීලා ඔවුන්ව පරාජය කරන්න. ඒ වගේම සෑම කණ්‌ඩායමක්‌ම හොඳ කණ්‌ඩායම් නිසා අපිට කිසිම කණ්‌ඩායමක්‌ සැහැල්ලුවෙන් හිතන්න බැහැ. අපේ රටේ ගොඩක්‌ කට්‌ටිය ඩුබායිවල ජීවත් වෙනවා. ඒ නිසා අපිට හොඳ සහයෝගයක්‌ ලැබෙයි තරගවලදී.”

ශ්‍රී ලංකා හිටපු ශාරීරික යෝග්‍යතා පුහුණුකරු මරියෝ වෙල්ලවරායන් දැන් ඉන්නේ බංග්ලාදේශය කණ්‌ඩායම එක්ක.ඔහු ගැන මහමුදුල්හා කියන්නේ මෙහෙමයි. “අපි මීට අවුරුදු හතරකට ඉස්‌සල්ලා හිටපු මට්‌ටමට වඩා ශාරීරික යෝග්‍යතා අතින් ඉහළින් ඉන්නවා. ක්‍රීඩකයන් දැන් නිවැරදි මාර්ගයට පැමිණ තියෙනවා. කොහොම හරි ශාරීරික යෝග්‍යතාව හොඳට තිබුණහම කණ්‌ඩායමට උපරිමය ලබාදිය හැකියි.”


News Articles
Latest Videos
Most Popular Post