ආසියානු කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දවසක ඩුබායි බලා පිටත්ව ගියා. මෙවර ශ්‍රී ලංකාවේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්ට ආසියානු කුසලානයට සහභාගී අවසථාව ලැබෙන්නේ නැහැ. ඒ පසුගිය පවතී තරඟාවලියේදී ඇගිල්ලක් අබාධයකට ලක්වීම නිසයි. ඒ අනුව ප්‍රවේගකාරී පිතිකරු නිරෝෂන් දික්වැල්ලට කණ්ඩායමේ ස්ථානයක් වෙන්වුනා.
කොහොම වුනත් මේ ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී පිතකරුවෙකු ලෙස කණ්ඩායමට උපරිම දායකත්වයක් ලබාදීමට සූදානම් බව නිරෝෂන් දික්වැල්ල ප්‍රකාශ කරා. ඒ සඳහා තමන්ගේ තාක්ෂණික ක‍්‍රමවේදය සහ ක‍්‍රීඩා සැලැස්ම වෙනස් කරගත්තා කියලයි ඩුබායි යන්න කලින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිරෝෂන් දික්වැල්ල කිවුවේ.