ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එන්න එන්නම දුර්වල වෙනවා. මේ ගැන ලාංකීය ක්‍රීඩාලෝලීන් ඉන්න සතුටකින් නම් නෙවෙයි. පහුගියදා ආසියානු කුසලාන සමාරම්භදීම ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත පරාජයට පත්වුණා.ඒ කොහොම වුණත් ලංකාවේ සායම හේදිලා යන්න නොදී බේරා ගන්න ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.
ඒ සංචාරක ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත් වූ තුන්වන එක්දින තරඟය ඔවුන් කඩුලු 3කින් ජය ගැනීමත් සමඟයි. කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව මුලින්ම පන්දුවට පහර දෙන්න ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.එහිදී ඉන්දීය කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 253ක් රැස් කරගත්තා. ඒ මිතිලා රාජ්ගේ විශිෂ්ට ශතකය සමඟින්.
අනතුරුව ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 254 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම චමරි අතපත්තුගේ ශතකයත් සමඟ ඕවර 49.5කදී කඩුලු 7 ක් දැවී ඉලක්කය පහු කරගෙන යන්න සමත්කම් දැක්වූවා. මෙහිදී චමරි අතපත්තු තම සිව්වන එක්දින ශතකය ලබා ගත්තේ පන්දු 117කදී. ඊට හයේ පහර 4 ක් සහ හතරේ පහර 13ක් ද ඇතුළත්. ඒ වගේම ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක ලබා ඇති පළමු සහ එකම ක්‍රිඩිකාවද වෙනවා.
මෙම තරඟය අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ ජයග්‍රහණයත් සමඟ ක්‍රීඩාලෝලීන් පිටිය මැදට පැනලා ක්‍රීඩිකාවන්ට සුබ පැතුම් ද එක් කළා.
India’s Mithali Raj raises her bat scoring a half century against Sri Lanka during their third women’s one day international cricket in Katunayake, Sri Lanka, Sunday, Sept. 16, 2018. (AP Photo/Eranga Jayawardena)
Sri Lanka’s Chamari Atapattu plays a shot against India during their third women’s one day international cricket match in Katunayake, Sri Lanka, Sunday, Sept. 16, 2018. (AP Photo/Eranga Jayawardena)