News Line| Off Air
Generic placeholder image

Sep
18

“අගමැතිට ලකුණු එන විදිහට වැඩ කරන්න “- ජනපති මෛත්‍රී සහ ගෝඨාභය ඝාතන සැලැස්ම හෙළිවෙයි

1106 Views


“අගමැතිට ලකුණු එන විදිහට වැඩ කරන්න “- ජනපති මෛත්‍රී සහ ගෝඨාභය ඝාතන සැලැස්ම හෙළිවෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂව සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව ඝාතනය කිරිමේ සැලසුමක් තියෙනවා කියලා පොඩි කසුකුසුවක් නම් පැතිරෙනවා. මේ ගැන හෙළිදරව් කරලා තියෙන්නේ දූෂණ විරෝධි බළකාය. මෙම සිද්ධියට සම්බන්ධව පොලීසියේ ඉහළම නිළධාරියෙකුගේ හඬ පටයක් ද ඔවුන් නිකුත් කරලා තියෙනවා.

එම හඬ පටයේ සඳහන් වන විදිහට නම් 2020 ජනපතිවරණය ඉලක්ක කරමින් ජනපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කරන්න. නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම “අගමැතිවරයා පුම්බා අගමැතිවරයාට ලකුණු වැටෙන සේ වැඩ කළ යුතුයි. ” කියලත් එහි දැක්වෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඝාතනය මාකඳුරේ මදූෂ්ව සම්බන්ධ කරගන්නයි එම නියෝජ්‍ය පොලිස්පතිවර සැලසුම් කරලා තිබුණේ. ඒ ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක ලේකම්වරයා වෙලා ඉන්න කාලේ පාතාල මර්ධන වැඩසටහන දියත් කිරීමත් සමඟ මදුෂ් වෛරයෙන් ඉන්න නිසයි.එකල පාතාල මර්ධනයත් සමඟ මදුෂ්ගේ ගෝලයන්ට පොලිසිය අතින් මැරුම් කන්න පවා සිද්ධ වුණා.

කොහොම වුණත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නම් කියන්නේ, ජනපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කරන්න දරණ උත්සාහය ගැන පරීක්ෂණ සියල්ල මේ වනකොට අඩාල වී තිබීම සැක සහිත බවයි


News Articles
Latest Videos
Most Popular Post