News Line| Off Air
Generic placeholder image

Sep
20

“පොලිස්පතිට අයින් වෙන්න අගමැති කිව්වේ නෑ.” – අගමැති කාර්යාලය උත්තර දෙයි.

1096 Views


“පොලිස්පතිට අයින් වෙන්න අගමැති කිව්වේ නෑ.” – අගමැති කාර්යාලය උත්තර දෙයි.

පොලිස්පතිට ධූරයෙන් ඉවත් වෙන්න කියලා ජනපති සහ අගමැති උපදෙස් දුන්න කියලා පුවතක් මේ වෙද්දී සීග්‍රයෙන් පැතිරෙනවා. මේ පුවතේ සත්‍යතාව ගැන සියත ප්‍රවෘත්ති අංශය අගමැති කාර්යාලයෙන් විමසීමක් කරා.

ධූරයෙන් ඉල්ලා අස් වන්නැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට අග‍්‍රාමාත්‍යවරයා දැනුම් දීමක් කරලා නෑ කියලයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ. අග‍්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මහතා සදහන් කලේ පූජිත් ජයසුන්දර මහතා පොලිස්පතිධූරයෙන් ඉවත් කිරිමේ බලයක් අග‍්‍රාමාත්‍යවරයාට නෑ කියලා.

ඒ සදහා ඉල්ලා සිටීමේ හෝ හැකියාවක් අගමැතිට නෑ කියලයි ඔහු වැඩිදුරටත් සඳහන් කරේ. පොලිස්පතිවරයා පත් කිරීමේ බලය තියෙන්නේ ජනාධිපතිතුමාගේ නිර්දේශ මත පාර්ලිමේන්තුවේ උසස් නිළතල පත් කිරීමේ කමිටුවට හා ජාතික පොලිස් කොමිසමට විතරයි.


News Articles
Latest Videos
Most Popular Post