News Line| Off Air
Generic placeholder image

Sep
23

“ධනුෂ්ක ලෙඩ වුණේ රක්ෂණ සල්ලි ගන්නද?” ක්‍රීඩා ඇමති වාර්තාවක් ඉල්ලයි.

1770 Views


“ධනුෂ්ක ලෙඩ වුණේ රක්ෂණ සල්ලි ගන්නද?” ක්‍රීඩා ඇමති වාර්තාවක් ඉල්ලයි.

පහුගිය කාලයේ වැඩියෙන්ම කතා බහට ලක්වුන ක්‍රීඩකයෙක් තමයි ධනුෂ්ක ගුණතිලක. හැබැයි ඒ හොඳ දේවල් වලට නම් නෙවෙයි. එක සැරයක් යාලුවෙක් කරපු ස්ත්‍රී දූෂණයකට ධනුෂ්කගේ නම ගෑවුනා.

දැන් රක්ෂණ මුදල් ලබා ගන්න ආසියානු කුසලානයේදී හිතා මතා අබාධිත වුණා කියලා චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. කොන්දේ සුළු ආබාධයක් තිබියදීත් ධනුෂ්ක ආසියානු කුසලානයට සහභාගී වුණා කියලයි ධනුෂ්කට චෝදනා එල්ල වෙන්නේ. මේ නිසා ඔහු ආසියානු කුසලානයට ක්‍රිකට් පිත්තක් හෝ ගෙන ගිහින් නෑ කියලයි වාර්තා වෙන්නේ.

කොහොම වුනත් මේ සිද්ධියේ ඇත්ත නැත්ත හොයලා වාර්තාවක් දෙන්න කියලා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා නියෝග කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post