News Line| Off Air| Games
Generic placeholder image

Sep
26

“ගාලු පිටිය ගැන දෙකෙන් එකක් තීන්දු කරනවා” – ඇමති විජේදාස රාජපක්ෂ.

953 Views


“ගාලු පිටිය ගැන දෙකෙන් එකක් තීන්දු කරනවා” – ඇමති විජේදාස රාජපක්ෂ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වාසනාව ගෙන එන පිටියක් විදියට තමයි ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය. හැබැයි පහුගිය කාලයේ ගාලු පිටිය එතනින් ඉවත් කිරීමේ සූදානමක් තිබුණා.

ඒ ගාලු කොටුව ලෝක උරුමයක් විදියට පවත්වාගෙන යන්න බාධාවක් කියලා. කොහොම වුනත් අවසානයේදී තීරණය වුණේ ගාලු පිටියේ අනවසර ඉදිකිරීම් විතරක් ඉවත් කරන්න. මේ අනවසර ඉදිකිරීම් ගැන ඉකන් තීරණයක් ගන්න ඕන කියලා උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

එක්කෝ අපි මේ පැවිලියන් එක තියාගෙන ලෝක උරුමයෙන් අපේ නම අයින් කර ගන්නවාද?.. එහෙම නැත්නම් ගාලු නගරයේ තිබුණු මුල් ආකෘතිය වෙනස් නොවන ආකාරයට පවත්වාගෙන අනවසර ඉදිකිරීම් කඩලා..අපි ගාලු උරුමය රැක ගන්නවාද?.. මේ කියන දෙකෙන් එකක බරපතල තීරණය ගන්න සිද්ධ වෙනවා.” කියලයි අමාත්‍යවරයා සඳහන් කරේ.


News Articles
Latest Videos
Most Popular Post