ලෝකේ ජනප්‍රියම සමාජ ජාල දෙකක් තමයි Facebook සහ Instagram. ඡායාරූප සඳහා ප‍්‍රමුඛ සමාජ මාධ්‍ය ජාලයක් වන Instagram ආරම්භ වෙන්නේ 2010 දී. හැබැයි 2012 දී Facebook සමාගම Instagram මිලදී ගන්නවා. ඒ අමෙරිකානු ඩොලර් බිලියනයකට.
හැබැයි මේ දීගයේ ආයුෂ අඩු වෙලා තියෙනවා. ඒ, ඉන්ස්ටර්ග‍්‍රෑම් නිර්මාතෘවරුන් ෆේස්බුක් සමාගම හැරයාමත් සමඟයි. Facebook සහ Instagram නිර්මාතෘවරුන් අතර මතබේදයක් තමයි මේකට හේතු වෙලා තියෙන්නේ.