සචිත් පීරිස් කියන්නේ දක්ෂ ගායකයෙන් වගේම සංගීත අධ්‍යක්‍ෂවරයෙක්. ඒ වගේම ඔහු සමාජ සේවයටත් කැපවුන කෙනෙක්. පහුගිය දවසක සචිත් අලුත් වැඩකට අතගැහුවා.
ඒ ලංකාවේ දුෂ්කර පන්සල්, පිරිවෙන්, ගම් හොයාගෙන ගිහින් ඒවාට උදව් කරන්න. මේ වැඩේට සචිත්ගේ Facebook සහ Instagram මිතුරන් ගොඩක් උදව් කරලා තිබ්බා. ආරුගම්බේ පානම ශාත්‍රවෙල පිරිවෙන් විහාරයට උදව් කරන්න තමයි සචිත් සොද්දනම් වෙලා තියෙන්නේ.
හැබැයි ලැබුන ආධාර ප්‍රමාණය වැඩි නිසා ශාත්‍රවෙල පිරිවෙනටත් ,ඒ අවට ගමක දුප්පත් පවුල් 100කටත් ,කුඩුම්බිගල ආරන්‍යටත් ඒ වගේම මුහුදු මහා විහාරයටත් උදවු කරන්න පුළුවන් වෙලා තියෙනවා.
සචිත් මේ වැඩේ දිගටම කරගෙන යන්න තමයි සූදානමින් ඉන්නේ. ඔයාලටත් පුළුවන් සචිත් එක්ක එකතු වෙලා මේ වැඩවලට සහය දෙන්න. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරූප.