News Line| Off Air| Games
Generic placeholder image

Sep
27

ඉන්දියාව සමඟ සටනට යන්න පාකිස්ථානය, බංගලාදේශයට ඉඩදෙයි. – Photo

1289 Views


ඉන්දියාව සමඟ සටනට යන්න පාකිස්ථානය, බංගලාදේශයට ඉඩදෙයි. – Photo

ආසියානු කුසලානයේ ඉන්දියාව සමඟ සටනට යන කණ්ඩායම තොරණ තරඟය ඊයේ පැවැත්වුණා. ඒ පාකිස්ථානය සහ බංගලාදේශය අතර. පාකිස්ථානය පරදවා ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගන්න බංගලාදේශය සමත්වුණා.

කාසියේ වාසිය දිනා ගත්ත බංගලාදේශ නායකයා මුලින් පන්දුවට පහර දෙන්න තීරණය කරා. පන්දුවාර 48.5කදි ලකුණු 239ක් රැස් කර බංගලි පිතිකරුවන් සමත්වුණා. බංගලි මුල්පෙළ ඉක්මනින් බිඳ වැටුණා. ඊට පස්සේ 4 වන කඩුල්ලට පිටියේ එකතු වුන මුෂ්ෆිකර් රහිම් සහ මොහොමඩ් මිතුන් ලකුණු 144ක සම්බන්ධතාවයක් ගොඩනැගුවා.

මුෂ්ෆිකර් රහිම් ලකුණු 99 යි. මොහොමඩ් මිතුන් ලකුණු 60 යි. මහමදුල්ලා ලකුණු 25 ක් ලබා ගත්තා. සුපිරි පන්දු යැවීමක නිරතවුන ජුනයිඩ් ඛාන් ලකුණු 19 කට කඩුලු 4 ක් දවා ගත්තා.

ලකුණු 140 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථානයට සාර්ථක වෙන්න බංගලි පන්දු යවන්නන් ඉඩ දුන්නේ නෑ. පන්දුවාර 50 අවසන් වෙද්දී ලකුණු 202 ක් විතරයි පාකිස්ථානයට ලබා ගන්න පුළුවන් වුණේ. ඔවුන්ගේ කඩුලු 9 ක් බිඳ වැටුණා.

ඉමාම් උල්-හක් ලකුණු 83ක් ලබා ගත්තා. ෂොයිබ් මලික් ලකුණු 30. අසීෆ් අලී ලකුණු 31 යි. දක්ෂ පන්දු යැවිමක නිරතවු මුස්ටෆිසුර් රෙහෙමාන් ලකුනු 43 කට කඩුලු 4ක් දවා ගත්තා. තරඟයේ වීරයා මුෂ්ෆිකර් රහීම්.

මේ අනුව ආසියාවේ ශූරයන් වෙන්න ඉන්දියාව සහ බංගලාදේශය සටන් වැදීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post