News Line| Off Air
Generic placeholder image

Sep
27

යුධ බිමේ වෙදදුරුගේ අලුත්ම පොත “වගුරු බිමෙන් ඉසුරු පුරට”.

1088 Views


යුධ බිමේ වෙදදුරුගේ අලුත්ම පොත “වගුරු බිමෙන් ඉසුරු පුරට”.

“යුදබිමක වෙදමහිම” කෘතිය කියන්නේ ලංකාවේ ජනප්‍රිය වුන කෘතියක්. එහි කතෘ වෛද්‍ය පැතුම් කර්නර් ලියපු අලුත්ම පොත “වගුරු බිමෙන් ඉසුරු පුරට” කෘතිය පසුගියදා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී එළිදැක්වූවා.

කර්තෘවරයා අවුරුදු 8 ක් සිංගප්පූරුවේ ජීවත් වෙලා කරපු අධ්‍යයනයකින් පස්සේ තමයි මේ පොත ලියලා තියෙන්නේ. ශ්‍රී ලංකාවට සිංගප්පූරුවෙන් ගත හැකි ආදර්ශයන් පිලිබඳව මේ පොතේ පාදක වෙලා තියෙනවා. දේශපාලනික සමාජීයය හා ආර්ථික වශයෙන් අප රටට වැදගත් වන ඉසව්වන් ඔස්සේ මෙම ග්‍රන්ථයේ සාකච්ඡාව ගොඩ නැගී තිබෙනවා.

පොත එළිදැක්වීමට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා , බෘහස්පති සරසවියේ අධ්‍යක්ෂක හරීෂ් වල්පොල මහතා සහ දේශපාලන විචාරක විදර්ශන කන්නංගර මහතා විද්වත් සංවාදය හරහා රසවත් දේශන ඉදිරිපත් කලා.

මෙම කෘතිය මේ වම විට BMICH හී කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී , H117 කවිවර ප්‍රකාශන කුටියෙන් විශේෂ වට්ටමක් සහිතව මිලදී ගන්න ඔබටත් පුළුවන්. මීට අමතරව මෙය grantha.lk වෙබ් අඩවිය හරහා මිළදීගෙන ගෙදරටම ගෙන්වා ගත හැකියි.


News Articles
Latest Videos
Most Popular Post