දුර ගමනක් යන්න බස් එකකට නැග්ගම තියෙන ලොකුම ප්‍රශනය තමයි වාදී වෙන්න ආසන නැති එක. සමහර වෙලාවට සම්පූර්ණ ගමනම ටන්න වෙන්නේ හිටගෙන. පැය 3 4 ක් හිටගෙන යනවා කියන එක ලේසි නෑනේ.
මේ නිසා දුර ගමන් සේවා පෞද්ගලික බස්රථවල ගමන් ගන්නා මගීන්ට ආසන වෙන් කර ගන්න අලුත් වෙබ් අඩවියක් හඳුන්වලා දීලා තියෙනවා. ජාතික ගමනාගමන කොමිසම තමයි මේ වැඩේ කරලා තියෙනවා.
www.ntcbooking.lk වෙබ් අඩවියට පිවිසිලා ඔබටත් පුළුවන් ගෙදර ඉඳගෙනම බස් රථයේ ආසන වෙන් කර ගන්න. මේ සඳහා මගීන් සිය ටිකට් පතේ ගාස්තුවට අමතරව රුපියල් 30ක අමතර ගාස්තුවක් ගෙවන්න ඕන.
පළමු අදියර යටතේ කොළඹ සිට කතරගම-යාපනය – බදුල්ල – අම්පාර – දෙණියාය- පස්සර – ලූණුගල – අකුරැස්ස – තිරුකෝවිල් සහ මඩකලපුව දක්වා වන දුරගමන් සේවා වල ආසන වෙන්කිරීමේ පහසුකම් ලබා දීලා තියෙනවා.
ජාතික ගමනාගමන කොමිසම සදහන් කලේ කොළඹ සිට පේදුරුතුඩුව – මඩොල්සිම – අනුරාධපුර – ඩයගම- ත‍්‍රිීකුණාමලය යන දුරස්ථ සේවා ඇතුලූ සේවා 35 ක මාර්ගගත ආසන වෙන්කිරීමේ පහසුකම් ද මෙමගින් ලබාදී ඇති බවයි. මෙහි 2 වන අදියර යටතේ ඩිජිටල් කාඞ් පතක් මගින් වෙන් කරන ලද ආසන සඳහා මුදල් ගෙවීමේ පහසුකම් ලබාදීමටද නියමිතයි.