News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
28

අගමැති මී හරක් වෙන්දේසි කරයි.

1957 Views


අගමැති මී හරක් වෙන්දේසි කරයි.

මේ දවස්වල ලෝකයේ වඩාත් කතා බහට ලක්වන රාජ්‍ය නායකයෙක් තමයි පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්. ඒ පාකිස්ථානය ගොඩ නගන්න ඔහු ගන්න ප්‍රතිපත්ති නිසා.

ඊයේ පාකිස්ථාන අගමැති නිවසේ අමුතු වෙන්දේසියක් තිබ්බා. ඒ අගමැති නිවසේ හිටිය මී හරක් වෙන්දේසියක්. හිටපු අගමැති නවාස් ෂරීෆ් තමන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා භාවිතා කල උසස් වර්ගයේ මී හරක් 8 දෙනෙක් තමයි මේ විදියට වෙන්දේසි කරේ.

මේ වෙන්දේසියෙන් පාකිස්ථාන රුපියල් විසිතුන් ලක්ෂයක් උපයාගෙන තියෙනවා. එක මී හරකෙක් ඇමරිකානු ඩොලර් 2500 ක් මුදලකට වෙන්දේසි වෙලා තියෙනවා. එම මී හරකෙක් මිලදී ගත්ත නවාස් ෂරීෆ්ගේ අනුගාමිකයෙක් කිව්වේ හිටපු අගමැතිගේ පරිහරණය සඳහා මී හරකා පරිත්‍යාග කරනවා කියලා.

ඉම්රාන් ඛාන් පහුගිය දවසක අගමැති නිවසේ තිබ්බ වෙඩි නොවදින රථ කිහිපයකුත් වෙන්දේසි කරා.


News Articles
Latest Videos
Most Popular Post