වර්තමාන ක්‍රිකට් පිටියේ පෙරළිකාරම ක්‍රීඩකයෙක් තමයි ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන්. පහුගිය ආසියානු කුසලානයේදී පන්දුවෙන් වගේම පිත්තෙන් දස්කම් දක්වන්න මේ පුංචි දඟයා සමත් වුණා.
ලෝකයේ ප්‍රභල සහ පරිණතම ක්‍රීඩකයන් පොඩි ළමයි වගේ දවා ගන්න රෂිඩ් ඛාන්ට තාම වයස අවුරුදු 20 යි. ආසියානු කුසලානයේ දක්වපු දස්කම් නිසා ICC එක්දින ශ්‍රේණිගත කිරීම් වල අංක එකට එන්න ඔහු සමත් වෙලා තියෙනවා. ඒ බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් දෙවන ස්ථානයට ඇද දාලා.
එක්දින පිටියේ ලොව හොඳම පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමි කර ගෙන තියෙන්නෙත් රෂිඩ් ඛාන්.