ලංකාවේ ප්‍රහසන නළුවන් ඉන්නේ බොහොම සීමිත් පිරිසක්. ඒ අතරින් රොනී ලීච් කියන්නේ බොහොම ජනප්‍රිය නළුවෙක්. එක වචනයකින් වුනත් ප්‍රේක්ෂකයාගේ මුවගට සිනහවක් ගේන්න තරම් ඔහු දක්ෂයි.
කොහොම වුනත් රොනී ලීච් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වෙලා තියෙනවා. හදිසි හෘදයාබාධයක් නිසා තමයි එතුමා මිය ගිහින් තියෙන්නේ. ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ ප්‍රසංගයක් සඳහා ඔහු පහුගිය සෙනසුරාදා මරියසෙල් ගුණතිලක මහත්මිය සමඟ සහභාගී වෙලා තියෙනවා.
අද හවස ලංකාව එන්න සූදානමින් සිටියදී තමයි ඒ මහතා මියගිහින් තියෙන්නේ.