News Line| Off Air| Games
Generic placeholder image

Oct
4

පිදුරංගල සුද්ධ කරපු ගෝනිබිල්ලෝ

2261 Views


පිදුරංගල සුද්ධ කරපු ගෝනිබිල්ලෝ

පිදුරංගල කියලා කියන්නෙ මේ දවස් වල හරි හරියට කතාවෙන මාතෘකාවක්.සීගිරිය පේන්න ෆොටෝ ගහන්න ගිය පිදුරංගල ගිය සමහර අය නතර වුණේ පොලිසි ගිහින් . මේ නිසා පිදුරංගල කියන්නෙ මොකක්ද කියලා නොදන්න අයත් මේ ගැන හොයන්න ගත්තා. පිදුරංගල ගිහින් අරගත්ත ෆොටෝ දැකලා ආස හිතිලා පිදුරංගල බලන්න ගිය අයත් හිටියා. ෆේස්බුක් එකෙන් වෛරස් එකක් වගේ බෝ වෙච්ච පිදුරංගල අන්තිමට මිනිස් වාසයෙන් අපිරිසිදු වෙලා තිබුණා.කාලා බීලා අපද්‍රව්‍ය හැම තැනම දාලා ගිහින් පිදුරංගල අපිරිසිදු වෙලා.මේ දේ දැකපු කොල්ලො කෙල්ලො ටිකක් හරි අමුතු වැඩක් කරලා තිබුණා.කට්ටියව ගොඩක් අය දැන් අදුරන්නෙ ගෝනිබිල්ලො කියන නමින්.

මේක රැල්ලක් පිදුරංගල යන. හැබැයි අනිත් අයට වඩා වෙනස්. එයාලගෙ එකම අරමුණ වෙලා තිබ්බෙ අපිරිසිදු වෙච්ච පිදුරංගල කලින් තිබ්බ තත්ත්වයට පත් කරන එක. ඒකට කොල්ලො කෙල්ලො ටිකක් එකතු වෙලා ගෲප් එකක් හදාගෙන වැඩේ පටන් අරගෙන තිබ්බා.

Image may contain: 1 person, standing, mountain, cloud, sky, outdoor and nature

තිසර පියුමික කියන ෆේස්බුක් මිතුරෙක් තම පෙම්වතියගෙ අදහසකට අනුව තමයි මේ දේ පටන් අරගෙන තියෙන්නෙ. වැඩේ ගැන තිසර පියුමික අදහස් දැක්වූවෙ මේ විදියට.

#ගෝනිබිල්ලෝ
මොකද මේ. අපේ කොල්ලේක්ගේ පෙම්වතියකගේ අදහසෙන් කරපු අගේ කලයුතු වැඩක්.
රැල්ලට පිදුරංගල ගියපු අයට මතකද තමන් අරන් ගිය වතුර බොතල් , සිකරට් පැකට් , හොරෙන් හරි අඩියක් ගහන ගෙනියපු අරක්කු බියර් , එවත් පිදුරංගල දාලා පොටො ටික අරන් ඇවිත් මෙහෙම වැඩක් කරන හිතුනේ කාටද?? කවුරුත් හිතුවද වේන හනිය් පරිසර දුශනය ගැන

ගරුකරනවා #තිසර_පියුමික අයියා..
ඔහුගේ කතාවේන්

#..(ඇත්තටම මේ අදහස පහල උනේ මගේ ආදරණීය පෙම්වතියට. එයාට ඕනේ උනා මගේ උපන්දිනයට වෙනස්ම විදියේ දෙයක් කරන්න. මේ කැරැල්ලේ සම්පූර්ණ ගෞරවය ඇයට හිමිවෙන්න ඕනේ.

ඉතින් මොකක්ද මේ

කෙටි කාලෙකින් ඉමහත් ප්‍රසිද්ධියට පත් උන තැනක් තමයි පිදුරංගල කියන්නෙ. ලංකාවේ ලස්සන තැනක් ප්‍රසිද්ද උනාම ඒකේ අවසාන ප්‍රතිඵලය මොකක්ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මොකද මේ වගේ තැන් වලට මිනිසුන් වගේම මිනිස් වේශයෙන් ඉන්න නොමිනිසුන් නුත් එන්න පටන් ගන්නවා. ප්ලාස්ටික් බෝතල්, පොලිතින් බෑග්, බිඳ දැමූ වීදුරැ බෝතල්, සිගරැට් පැකට්, ටොෆී කොල වගේ දේවල් වලින් මුලු පරිසරයම හැඩි කරලා යන්නේ අන්න ඒ නොමිනිසුන් තමයි.

ඒ වගේ නොමිනිසුන් හදන්න අපිට බෑ. ඒ හින්දා අපි මේ කුණු කන්ද ඉවත් කරන්න හිතුවා. මේ ඔයාලට දකින්න හම්බෙන්නෙ ඊයේ අපි ඇති කරමු පිදුරංගල කුණු එකතු කිරීමේ මෙහෙයුම. අපි ඒකට නම තිබ්බේ ” ගෝනිබිල්ලෝ ” කියලා. මේ අපේ පටන් ගැන්ම විතරයි. තවත් ඉස්සරහට පිදුරන්ගල වගේ ප්‍රසිද්ධ තැන් වලට අපි එනවා. නිකන්ම නෙමේ මේ වගේ ගෝනිත් ඔලුවට දාගෙනම.

Image may contain: one or more people, people standing, cloud, sky, mountain, shorts, outdoor and nature

 

Image may contain: one or more people, people standing, shoes, outdoor and nature

 

Image may contain: one or more people and drink

 

Image may contain: one or more people, outdoor and nature

 

Image may contain: one or more people, people standing, cloud, sky, mountain, outdoor and nature

 

Image may contain: one or more people

 

 

කොහොම වුණත් වැඩේ නම් අති සාර්ථකයි.බුකියෙන් පිදුරංගල ගිහින් ෆොටෝ දාන අයට බැනපු අයම මේ දේ අගයන්න පටන් අරන් තිබුණා.මේ වගේ වැඩ කරන්න අපි සුභ පතනවා වගේම මේ වගේ හිතන පතන අය තව තවත් බිහිවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post