News Line| Off Air
Generic placeholder image

Oct
4

තරඟ පාවා දීම් ගැන හිටපු වේග පන්දු යවන්නාගෙන් ICC ය ප්‍රශ්න කරයි.

1849 Views


තරඟ පාවා දීම් ගැන හිටපු වේග පන්දු යවන්නාගෙන් ICC ය ප්‍රශ්න කරයි.

තරඟ පාවාදීම් සම්බන්ධයෙන් ලොකු කළු පැල්ලමක් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ඇති වෙලා තියෙනවා. පහුගිය දවසක ICC ය සඳහන් කරේ ලෝකයේ දූෂිතම ක්‍රිකට් ක්‍රීඩා කරන රට ලංකාව කියලා.

මේ අතර තරඟ පාවාදීමේ සිද්ධියක් ගැන හොයන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙක්ගෙන් ICC ප්‍රකාශයක් සටහන් කර ගෙන තියෙනවා. දැනට වේග පන්දු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන නුවන් සොයිසාගෙන් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ප්‍රශ්න කරලා තියෙන්නේ.

කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ක‍්‍රිකට් පුහුණු සැසියකට සහභාගී වී සිටියදී නුවන් සොයිසාගෙන් ප්‍රශ්න කරලා තියෙනවා. ඔහුගේ ජංගම දුරකතනයත් ICC ය භාරයට අරගෙන තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post