News Line| Off Air
Generic placeholder image

Oct
4

නෙලුම් කුලුණ පිපෙන දවස මෙන්න

2117 Views


නෙලුම් කුලුණ පිපෙන දවස මෙන්න

නෙලුම් කුලුණෙ වැඩ ඉවර වෙන්නත් කලින් නෙලුම් කුලුණ රටේම ජනප්‍රිය වෙලා ඉවරයි. නෙලුම් කුලුණ හදන්න ගත්ත දවසෙ ඉදලා ඒකෙ වැඩ ඉවර වෙනකන් තමයි හැමෝම බලන් හිටියෙ. එහෙම බලන් හිටපු අයට සුභ ආරංචියක් තමයි අපි මේ කියන්න යන්නෙ.

නෙලුම් කුලුණ ලබන ජනවාරි මාසෙ විවෘත කරනවා කියලා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති උදය සෙනෙවිරත්න මහතා ඒ බව සියතට ප්‍රකාශ කර සිටියා. ඔහු පැවසුවේ මේ වන විට එහි කටයුතු 95% ක් විතර අවසන් බවයි.

දැනට නෙලුම් කුලුණ රථ ගාල ඉදි කිරීමට අවශ්‍ය ඉඩම් වෙන් කිරීමට සාකාච්ඡා පවත්වනවා කියලා ඔහු පැවසුවා. දෙසැම්බර් මාසය වෙනකොට මෙහි සියලුම වැඩ අවසන් කිරීමට නියමිතයි.

අකුණු සන්නායක කණුවත් එක්ක මේ කුලුණෙ සම්පූර්ණ උස මීටර් 500ක්. සුඛෝපබෝගී සාප්පු සංකීර්ණ , භෝජනාගාර, උත්සව ශාලා සහ නැරඹුම් මැදිරියකින් නෙලුම් කුලුණ සමන්විතයි.

ඒ වගේම රේඩියෝ නාලිකා 50 කට, රූපවාහිනී නාලිකා 50 කට හා විදේශ සේවා 20 කට නෙලුම් කුලුණෙන් සම්ප්‍රේෂන කටයුතු කරන්න පුළුවන්.

දකුණු ආසියාවේ උසම කුලුණ විදිහට නෙලුම් කුලුණ හදන්න ගත්තෙ 2012 ජනවාරි දෙවෙනිදා. ඩී.ආර්. විජේවර්ධන මාවතේ හෙක්ටයාර් 3.5 ක ඉඩක තමයි නෙලුම් කුලුණ ඉදිවෙන්නෙ.


News Articles
Latest Videos
Most Popular Post