News Line| Off Air
Generic placeholder image

Oct
4

මහරහතුන් වැඩ සිටියා යැයි කියන පිදුරංගල ගැන ඔබ නොදත් කතාව

2986 Views


මහරහතුන් වැඩ සිටියා යැයි කියන පිදුරංගල ගැන ඔබ නොදත් කතාව

පිදුරංගල කියලා කියන්නෙ පහුගිය දවස් වල හැමෝගෙම වගේ කතාවට ලක් වෙච්ච මාතෘකාවක්. පිදුරංගල ගිහින් සීගිරිය පේන්න ෆොටෝ දැම්ම රැල්ලෙ සමහරු නැවතුනේ පොලිසියේ. ඒ කොහොම වුණත් අද මේ කියන්න යන්නෙ නම් එහෙම කතාවක් නෙවෙයි.පිදුරංගල ගැන ලොකු කතාවක්.

ලංකාව කියලා කියන්නෙ අවුරුදු 2500 ක් විතර දිග ඉතිහාසයක් තියෙන රටක් .ඒ ඉතිහාසයෙ නටඹුන් අදටත් ජීවමානව පවතින නිසා අපේ රටට ඒකෙන් ලැබෙන්නෙ ලොකු ආලෝකයක්. ඒ වගේ ඓතිහාසික උරුමයන් තියෙන තැනක් තමයි මාතලේ දිස්ත්‍රික්කය.

මාතලේ උතුරු පැත්තට වෙන්න තියෙන සීගිරිය ගැන නම් ලංකාවෙ විතරක් නෙවෙයි විදේශිකයො පවා දන්නවා. ලොව අට වෙනි පුදුමෙ විදිහටත් සීගිරිය හදුන්වනවා.

Image result for pidurangala

ඒත් මේ පිදුරංගල ගැන නම් වැඩිය කවුරුත් පසුගියදා සිදු වූ සිදුවීම වෙනකන් දැනගෙන හිටියෙ නෑ. අතීතයේ ඉදන් ගහට පොත්ත වගේ සීගිරියට බද්ධ වෙලා තිබ්බ තැනක් තමයි මේ පිදුරංගල කියලා කියන්නෙ. පිදුරංගල ඇත්තටම සීගිරියටත් දෙවෙනි වෙන්නෙ නැති තරම්.

කොහොමද පිදුරංගල යන්නෙ?

දැන් නම් ඉතිං පිදුරංගල යන්න ගොඩක් දෙනෙක් දන්නවත් ඇති.කොළඹ ඉදලා කිලෝමීටර් 180 ක් විතර ඈතට ගියහම තමයි අපිට මේ පිදුරංගල හම්බ වෙන්නෙ. ඉනාමළුව සීගිරිය මාර්ගයේ සීගිරි ගල නගින්නට ඇතුළු වෙන තැන පහු කරගෙන සැතපුම්ක් වගේ ඉස්සරහට ගියහම තමයි පිදුරංගල අපිට හම්බ වෙන්නෙ . සීගිරිය මුහුදු මට්ටමේ ඉදලා මීටර් 349 ක් විතර උඩින් පිහිටලා තියෙනවා . ඒ වගේමයි පිදුරංගලත් ඊට වඩා මීටරයක් විතර උසින් අඩු තැනක් විදිහට සැලකෙනවා. පිදුරංගල මුදුනටම නැග්ගම හරිම ලස්සන දර්ශනයක් අපිට දැකගන්න පුළුවන්.

පිදුරංගල එක්ක බැඳුන ඉතිහාසය

පිදුරංගලට ලොකු ඉතිහාස කතාවක් තියෙනවා.මේ ඉතිහාසය සීගිරි ඉතිහාසයටත් වඩා පරණයි.මුල් කාලයේ පිදුරංගල තිබිලා තියෙන්නෙ බෞද්ධ මධ්‍යස්ථානයක් විදිහටයි. සීගිරිය පාලනය කරපු කාශ්‍යප රජතුමා පිදුරංගල විශාල සංඝාවාසයක් ඉදි කරලා එය රහතන් වහන්සේලාට පූජා කරලා තියෙන බව ඉතිහාසයේ සදහන් වෙනවා.

පිදුරංගල ආවම බලන්න තියෙන්නෙ මොනවද?

පිදුරංගල එක්ක පසුගියදා වෙච්ච සිදුවීමත් එක්ක ගොඩ දෙනෙත් තාමත් හිතාගෙන එන්නෙ පිදුරංගල තියෙන්නෙ කන්දක් විතරයි කියලා. උඩට නැග්ගම බලන්න තියෙන ලස්සන දර්ශනයට අමතරව පිදුරංගල පාමුල ඓතිහාසික සහ ආගමික වටිනාකමින් යුතු ගොඩක් දේවල් දැක ගන්න පුළුවන්. පිදුරංගල නගින්න පටන් ගත්ත ස්ථානයේම වම්පසට වෙන්න කාශ්‍යප ස්ථූපය ලෙස හදුන්වන ස්තූපයක් දැකගන්න පුලුවන්. මේ ස්ථූපය කාශ්‍යප රජතුමාගේ මරණින් පසුව එතුමාව ආදාහනය කළ ස්ථානය විදිහට හඳුන්වනවා. ඒ වගේම පිදුරංගල රජ මහා විහාරයත් මෙහිදී දැකගන්නට පුළුවන්. ඒකෙ සීගිරියෙ වගේ චිත්‍රත් දැකගන්නට හැකියාව තියෙනවා.

පිදුරංගල කන්ඳ තරණය කිරීම සීගිරිය නැගීමට වඩා අපහසුයි. මෙය නැගීමට ඔබට පැයක පමණ කාලයක් ගත වන අතර දැඩි හිරු රශ්මිය මඟ හැර කන්ද නැගීම සුදුසු වෙනවා.

පර්වතය මුදුනම තරණය කළ පසු හාත්පස ඉතාම මන්ස්කාන්ත දර්ශනයක් දැකගන්නට පුලුවන්. මෙතනට සීගිරිය හරි ලස්සනට පෙනෙනවා. ඉතිහාසයේ දැක්වෙන ආකාරයට සීගිරි ලඳුන් මල් රගෙන යන්නේ පිදුරංගල වන්දනා කිරීමා බව දැක්වෙනවා.

පිදුරංගලට සීගිරිය වගේම රිටිගලද හොදින් පෙනනවා. පිදුරංගල භූමියෙන් ඉහත සදහන් කරපු ස්ථාන වලට අමතරව පැරණි දාගැබ් , බෝධිඝරයන් ,සංඝාවාස ,නටඹුන් දැක ගන්න පුළුවන්.


පිදුරංගල පර්වතය මුදුනේ ස්වභාවය

පිදුරංගල මුදුන පැතලි ස්වභාවයක් ගන්නවා. නමුත් මෙහි යන් ආනතියක් තියෙන නිසා ඇවිදිනකොට ඒක හරි පරිස්සමින් කරන්න ඕනි.

පිදුරංගල යන්න කලින් මේ ගැන සැලකිලිමත් වෙන්න.

පසුගියදා සමාජ ජාලා මාධ්‍ය , විශේෂයෙන් ෆේස්බුක් හරහා ලැබුණ ජනප්‍රියත්වය නිසා ගොඩ දෙනෙක් පිදුරංගල බලන්න යන්න පෙළඹෙනවා. ඒත් යන්න කලින් සුදුසු ඇදුමකින් සැරසිලා යන්න අමතක කරන්න එපා . මන්ද ආරක්ෂකයින් මේ පිළිබඳව අවධානයෙන් බලාගෙන ඉන්න නිසයි.ඒ වගේම තිබහට , බඩගින්නට ගෙනියන කෑම වල සහ වතුර බෝතල් වල අපද්‍රව්‍ය තැන තැන දාන්න යන්න එපා.මේ අපේ රටේ තියෙන වටින සම්පතක්. ඒක රැකගන්න එක අපි හැමෝගෙම යුතුකමක් කියලා සියත 24 අපි මතක් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post