News Line| Off Air| Games
Generic placeholder image

Oct
4

ඉන්දුනීසියාව කබලෙන් ලිපට. සුනාමි භූමිකම්පා මදිවට ගිනි කඳු පිපිරීමක්.

1056 Views


ඉන්දුනීසියාව කබලෙන් ලිපට. සුනාමි භූමිකම්පා මදිවට ගිනි කඳු පිපිරීමක්.

පහුගිය දින කිහිපය පුරාම ඉන්දුනීසියාව ස්වභාවික විපත් වලින් බැට කෑවා. භූමිකම්පා, සුනාමි නිසා ගහෙන් වැටුන ඉන්දුනීසියාවට ගිනි කඳු කියන ගොනා අනින්න හදනවා.

ඉන්දුනීසියාවේ, සුලාවේසි දුපතේ උතුරු දෙසට පිහිටි සොපුටාන් ගිනි කන්ද සක්‍රිය වෙලා තියෙනවා. ඊයේ (03) දහවල් මෙම ගිනි කන්ද සක්‍රිය වීම ආරම්භ වුනා කියලයි ඉන්දුනීසියානු ආපදා ඒකකය සදහන් කරන්නේ. ගිනි කන්ද සක්‍රිය වීමත් සමග කිලෝමීටර් 4 ක් ඉහලට ගිනි කන්දෙන් අළු සහිත දුමාරය විහිදෙන්න පටන් අරන්.

ගිනි කන්දේ සක්‍රිය වීම වැඩිවුවහොත් මේ වන විට භූමිකම්පාවෙන් සහ සුනාමි ව්‍යවසනයෙන් විපතට පත්වූවන් සහ මියගිය පුද්ගලයින්ගේ සිරුරූ සෙවීමේ සහන සේවා කටයුතු වලට බාධා වෙන්න පුළුවන් කියලයි බලධාරීන් සඳහන් කරන්නේ. ඊයේ දිනය වන විට සුනාමියෙන් සහ භූමිකම්පාවෙන් මියගිය පුද්ගලයින් 1407 කගේ මළ සිරුරූ සොයා ගෙන තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post