News Line| Off Air
Generic placeholder image

Oct
5

පළවෙනි වරට කිලෝ 2 ක ගලක් අනුරාධපුරයේ රෝගියෙකුගේ වකුගඩුවෙන් සොයා ගනී.

628 Views


පළවෙනි වරට කිලෝ 2 ක ගලක් අනුරාධපුරයේ රෝගියෙකුගේ වකුගඩුවෙන් සොයා ගනී.

ඉපදුනොත් වයසට යන එක, ලෙඩ වෙන එක මැරෙන එක අනිවාර්ය දෙයක්. බුදුදහමේ සඳහන් වෙන්නේ එහෙමයි. අද වෙද්දී ලෝකයේ නැති ලෙඩ මිනිස්සුන්ට හැදෙනවා.

වකුගඩුවේ ගල් හැදෙන එක සාමාන්‍ය ලෙඩක්. හැබැයි කිලෝ 2 ක ගලක් වකුගඩුවේ තිබ්බ රෝගියෙක් අනුරාධපුරයෙන් හම්බෙලා තියෙනවා. සර්පයෙක් දෂ්ඨ කිරීම නිසා තමයි මේ රෝගියා අනුරාධපුර රෝහලට ඇතුල් කරලා තියෙන්නේ. හැබැයි ඒ සඳහා කරපු එක්ස්රේ පරීක්ෂණ වලින් තමයි මේ විශාල ගල ගැන හෙළිවෙලා තියෙන්නේ.

පැය 3 ක පමණ සැත්කමකින් පස්සේ මේ විශාල ගල ඉවත් කරන්න වෛද්‍යවරු සමත් වෙලා තියෙනවා. මෙම ශල්‍යකර්මය සිදුකළ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය ටී අරවින්දන් මහතා ඒ ගැන කිව්වේ මෙහෙමයි.

“රෝගියෙකුගේ වකුගඩුවක මෙතරම් විශාල ප්‍රමාණයේ ගලක් දැක්ක ප්‍රථම අවස්ථාව තමයි මේ. මීට පෙර අසා තිබුණෙත් නැහැ. වකුගඩුවල තිබෙන කිලෝ දෙකක් පමණ ගලක් ඉවත් කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. ඉන් අනතුරුව අපි ඉතා සුපරික්ෂාකාරීව මේ රෝගියාගේ වකුගඩුවේ තිබූ ගල කොටස්වලට වෙන් කර ඉවතට ගනු ලැබුවා. මේ ශල්‍යකර්මය සඳහා පැය තුනක පමණ කාලයක් ගත වුණා.”


News Articles
Latest Videos
Most Popular Post