කාශ්‍යප දිසානායක කියන්නේ අලුත් පරපුරේ ජනප්‍රිය ගායකයෙක්. ඔහුගේ “අහසට සොදුරුද සඳ කෙතරම්” ගීතය ගොඩක් ජනප්‍රිය වුණා. පහුගිය ජූලි මාසයේ සියත 24 වෙබ් අඩවියේ පළවෙනි සංවත්සරය සමරන්න කාශ්‍යපත් එකතු වුණා.
අපිත් එක්ක ලාදුරු රෝහලට ගිය කාශ්‍යප රෝහලේ හිටිය රෝගීන් එක්ක සින්දු කියන්නත් අමතක කරේ නෑ. ඒ අත්දැකීම ගැන කාශ්‍යප ඔහුගේ Facebook පිටුවේ සටහනක් තියලා තිබ්බා. මේ තියෙන්නේ ඒ සටහන.
“ජීවිතේ ලස්සන දේවල් වගේම නරක දේවල් ඕන තරම් මම දැකලා තියෙනවා. හැබැයි අනිවාර්යයෙන්ම අද හෝ දේට වෙද්දී මැරෙන බව දැන දැන ජීවත් වෙනවා කියන එක ගැන ඔබට හිතා ගන්න පුළුවන්ද? පහුගිය දවසක එහෙම ජීවත්වෙන ආදරණිය ජීවිත 24ක් දකින්න මට අවස්ථාව ලැබුනා. ඒ හැඳල ලාදුරු රෝහලේදී.
මේ තමයි ලාදුරු නිසා මියයන ලංකාවේ අන්තිම රෝගීන් කිහිපදෙනා. දැන් ලාදුරු හොඳ කරන්න පුළුවන් නිසා ඔබට මට ලාදුරු නිසා මිය යන්න වෙන්නේ නැහැ. හැබැයි මගේම අම්මා තාත්තා කියලා හැඟීමක් දුන්න මේ අය ලාදුරු නිසා අද හෙට මියයාවී. හැබැයි ඊට කලින් ගීතයක් කියලා ඔවුන්ව සතුටින් තියන්න හම්බවුනු අවස්ථාව මගේ ජීවිතේ කවමදාකවත් අමතක නොවේවි.
මම සිංදු කියනකොට ඔවුන් තාලෙට බෙර ගගහා අත්පුඩි ගැහුවා. ඔබත් ඒ මොහොත දකින්නම ඕනේ කියලා මට හිතුනා. ඒ නිසයි ටිකක් පහුවෙලා හරි මේ Video එක FB දාන්න හිතුවේ. මේ අවස්ථාව මට උදා කරලා දුන්න සියත FM සහ සියත 24 වෙබ් අඩවියේ හැමදෙනාටම ස්තූතියි.”
https://www.facebook.com/174060660092086/videos/982710698568034/