News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
6

ජංගම දුරකථන නිදි යහනේ තබා ගැනීමෙන් වෙන භයානක දේ මෙන්න

745 Views


ජංගම දුරකථන නිදි යහනේ තබා ගැනීමෙන් වෙන භයානක දේ මෙන්න

ජංගම දුරකථනය කියලා කියන්නෙ අද වෙනකොට අපිට නැතුවම බැරි දෙයක්නෙ. උදේ නැගිට්ට ගමන් ෆෝන් එක හොයන පුරුද්ද අද වෙනකොට ගොඩක් අයට තියෙනවා. ඒ වගේමයි රෑට නිදාගන්නෙත් ෆෝන් එක ලඟ තියාගෙන. මේ දේ ගැන එච්චර හිතුවෙ නැති වුණාට මේක පිටිපස්සෙ තියෙන කතාව ටිකක් භයානක එකක්.

රෑට නිදාගන්නකොට කාමරය ඇතුලෙ හරි එහෙමත් නැත්නම් තමන්ගෙ ලගින් හරි ජංගම දුරකථනය තියා ගැනීම මොළයට වගේම ස්නායු පද්ධතියටත් හානි කිරීමේ හැකියාව පවතිනවා කියලා සෞඛ්‍ය අංශය ජනතාවට දැනුම් දෙනවා. ඔවුන් තව දුරටත් කියා සිටියෙ රෑට නිදාගන්න කලින් දුරකථනය තමන්ට වඩා ඈතින් තියාගන්න කියලයි.

ඒ වගේම විද්‍යුත් චුම්භක තරංගවලට ඒවා නිතර නිරාවරණය වීමෙන් පිළිකා ඇතිවීමේ අවධානමක් තියෙනවා කියලා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය අපට පැවසුවා.

ඒ වගේම ජංගම දුරකථනය කනේ තියාගෙන කතා කරනවාට වඩා හෑන්ඩ්ස් ෆ්‍රී භාවිතා කරමින් කතා කරන එකත් වැඩිපුර සුදුසු බව පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post