මේ දවස්වල තියෙන අයහපත් කාලගුණය නිසා රට වටේම ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙලා. ඒ වගේම ගංගා ආශ්‍රිත ජල මට්ටම්ද ඉහල ගිහින් තියෙනවා. මේ අතර දියවන්නා ඔයේ ජල මට්ටමත් ඉහළ යාමේ අවදානමක් ඇති වෙලා තියෙනවා.
මේ නිසා පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතිවීමට ගිය හදිසි ගංවතුර තත්ත්වයක් වලක්වා ගැනීමට යුධ හමුදා සෙබළුන් අද (07) අලුයම් කාලයේ සිට මෙහෙයුමක් ක්‍රියාත්මක කරා. 63 දෙනෙකුගන් යුතු හමුදා සෙබළුන් කණ්ඩායමක් මේ මෙහෙයුමට එකතු වුණා.
දියවන්නා ඔයේ සිට පාර්ලිමේන්තු පරිශ්‍රය තුලට ජලය ඇතුල්වීම වලක්වාලීම සදහා වැලි කොට්ට යොදා බාධකයක් නිර්මාණය කරා. මිට අමතරව ගාල්ල සහ කළුතර ප්‍රදේශයන් හි හදිසි ආපදා සඳහා සහය දැක්වීමට හමුදා සෙබළුන් 200ක්, බෝට්ටු 6ක් සහ සන්නද්ධ රථ 03ක් යොදවා තියෙනවා.