News Line| Off Air
Generic placeholder image

Oct
7

නැති වුන ගෞරවය රැක ගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් පොඩ්ඩෝ අද අවසන් සටනට.

754 Views


නැති වුන ගෞරවය රැක ගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් පොඩ්ඩෝ අද අවසන් සටනට.

ආසියාවේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම ක්‍රිකට් අභිමානය පතුරවපු රටක් ශ්‍රී ලංකාව කියන්නේ. හැබැයි මේ වෙද්දී ආසියාවෙනුත් අන්තිම අඩියට වැටෙන්න ලංකාවට සිද්ධ වෙලා තියෙනවා.

හැබැයි ජාතික කණ්ඩායම නැති කරපු රටේ ගෞරවය නැවත්ත ලබා ගන්න ශ්‍රී ලංකා යෞවනයෝ සූදානමින් ඉන්නවා. ඒ ආසියානු යොවුන් ශූරතාව දිනාගෙන. ආසියානු යොවුන් කුසලානයේ අවසන් මහා තරඟය අද පැවැත් වෙනවා. ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර.

කණ්ඩායම් දෙකම මෙවර තරඟාවලියේ අපරාජිතව රැඳී ඉන්නවා. ඒ නිසා අද තරඟය ඉතාම තියුණු එකක් වෙනවාට නොඅනුමානයි. ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයකට සුදුසුකම් ලැබුවේ 4 එන වතාවට. හැබැයි තාම ආසියානු ශූරතාවය දිනා ගන්න ඔවුන්ට බැරි වුණා.

ඉන්දියාව මීට කලින් 5 වතාවක් ආසියාවේ යොවුන් ශූරයින් වෙලා තියෙනවා. පහුගිය අවුරුද්දේ අස්සියාවේ යොවුන් ශූරයන් වුණේ ඇෆ්ගනිස්ථානය.


News Articles
Latest Videos
Most Popular Post