කිංග් ඛාන් එහෙම නැත්නම් ෂාරුක් ඛාන්ගෙ ආදරණීය බිරිඳ අද එයාගෙ 48 වෙනි උපන්දිනේ සැමරුවා. ෂාරුක් රාජකාරි වලට යන්න කලින් තමන්ගෙ බිරිඳට සුභ පතන්න අමතක කරලා නෑ. ඊට පස්සෙ තමන්ගෙ බිරිඳ එක්ක සෙල්ෆියක් අරගෙන තියෙන ෂාරුක් කියලා තියෙන්නෙ ඒක මතක සටහනක් විදිහට තියාගන්න බවයි. ෂාරුක්ගෙ බිරිඳ මේ සෙල්ෆි ඡායාරූපය තම ටුවිටර් ගිණුමෙ පල කරන්නත් අමතක කරලා නෑ.
ඒ වගේම ෂාරුක් තමන්ගෙ බිරිඳට අමතක නොවන තෑග්ගක් දීලා කියලත් ආරංචි වුණා.
ෂාරුක්ගෙ බිරිඳ විලාසිතා නිර්මාණ ශිල්පිනියක්. ෂාරුක්ගෙ අලුත්ම චිත්‍රපටය වන ” සීරෝ ” දෙසැම්බර් 21 වෙනිදා එලි දැක්වීමට නියමිතයිලු. ෂාරුක් වගේම අනුෂ්කා ශර්මා , කැත්‍රිනා කයිෆ් මෙහි රංගනයේ යෙදෙනවා. විශේෂත්වය වන්නෙ මේ චිත්‍රපටයේ නිෂ්පාදක වන්නේ ෂාරුක්ගේ බිරිඳ වන ගෞරී ඛාන්.