News Line| Off Air
Generic placeholder image

Oct
8

විජයකලා මහේෂ්වරන් ඇප මත නිදහස් කෙරේ

461 Views


විජයකලා මහේෂ්වරන් ඇප මත නිදහස් කෙරේ

පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජයකලා මහේෂ්වරන් මහත්මිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනේ දී සිදු කරන ලද ආනෝලනාත්මක ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා දීමට ගිය අවස්ථාවේ දී ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසින්.

මේ වන විට අත්අඩංගුවට පත් විජයකලා මහේෂ්වරන් මහත්මිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන්  පසුව රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත ඇයව නිදහස් කරනු ලැබුවා.

යාපනයේ පැවති උත්සවයකදී එල් ටී ටී ඊ සංවිධානය යළි ක‍්‍රියාත්මක විය යුතු බව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය ප‍්‍රකාශ කළේ පසුගිය ජූලි මස 02 වනදායි. එම ප‍්‍රකාශය තුළින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම ඇයට එරෙහි චෝදනාවයි

අදාළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් රට තුළ ඇති වූ ආන්දෝලනයෙන් අනතුරුව විජයකලා මහේෂ්වරන් මහත්මිය ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමති තනතුරෙන් ද ඉල්ලා අස් වුණා.


News Articles
Latest Videos
Most Popular Post