ක්‍රිකට් දූෂණ චෝදනා නිසා ICC යෙන් ලංකාවට Black Label තියෙන්නේ. පහුගිය දවස් කිහිපයේම ICC දූෂණ මර්ධන නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ අයගෙන් ප්‍රකාශ ලබා ගත්තා.
ඊයේ ICC දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතිලා හිටිය කණ්ඩලම හෝටලය හදිසියේම ආවා. ඔවුන් එහි සිටි ක්‍රීඩකයින්ගේ ජංගම දුරකතන පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.
හෙට දවසේදී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළවෙනි තරඟය පැවැත් වෙන්න තිබියදී තමයි මේ වැටලීම සිදු වෙන්නේ. ඒ වගේම ICC ය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පළාත් පුහුණුකරුවන්ගේ ප්‍රධානි හේමාල් මෙන්ඩිස්ගෙන් ඊයේ ප්‍රශ්න කරලා තියෙනවා.
ඔහු ක්‍රිකට් ආයතනයේ සිටි අවස්ථාවේ ICC දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් 3 දෙනෙකු පැමිණ ඔහු ප්‍රශ්න කිරීම සදහා රැගෙන ගොස් තිබෙනවා. මේ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකුද ක්‍රිකට් ආයතනයට පැමිණ ඇති බව වාර්තා වෙනවා.