News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

වැස්සේ තෙමිගෙන හෙල්මටුත් නැතුව ඇමති අකිල පාර්ලිමේන්තු ගිය හැටි. – Photo

2483 Views


වැස්සේ තෙමිගෙන හෙල්මටුත් නැතුව ඇමති අකිල පාර්ලිමේන්තු ගිය හැටි. – Photo

කොළඹ අඩුවක් නැතිව හැමදාම තියෙන එකම දේ Traffic. මොන ලොක්කා ආවත් Traffic එකෙන් බේරෙන එක නම් බොරු. මේ දවස්වල තියෙන වැස්ස නිසා දැන් කොළඹ Traffic ඩබල් වෙලා තියෙන්නේ.

ඊයේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් මහතාටත් Traffic නිසා ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වුණා. පාර්ලිමේන්තු පාරේ තිබ්බ Traffic එක නිසා ඇමතිතුමාට පාර්ලිමේන්තු එන්න වුණේ මෝටර් බයිසිකලයක. නිකන්ම නෙවෙයි හෙල්මටුත් නැතුව වැස්සේ තෙමි තෙමි.

පාර්ලිමේන්තුව ආරම්භයේදී ප්‍රශ්න තුනකට පිළිතුරු දෙන්න තිබුන නිසා තමයි ඇමතිවරයා මෙච්චර හදිසියේ පාර්ලිමේන්තු ඇවිත් තියෙන්නේ. කල්වේලා ඇතුව ආවත් රාජගිරිය අසල පැයකට වැඩි කාලයක්‌ Traffic එකේ ඉන්න වෙලා.

“මාර්ග තදබදය නිසා මට වෙලාවට එන්න බැරිවුණා. පැයක්‌ රාජගිරියේ. ඊට පස්‌සේ මෝටර් සයිකලයක්‌ නවත්වාගෙන ඒකේ නැගලා ආවේ වැස්‌සේ තෙමි තෙමී. පාර්ලිමේන්තු දවස්‌වල වාහන තදබදය ගැන අවධානය යොමුකරන්න කියලා ඉල්ලා සිටිනවා” කියලයි පාර්ලිමේන්තු ආව අකිල ඇමතිතුමා කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post