වාහන් තියෙන අය උදා වෙනවට අකමැතිම දවස් තමයි අද. ඒ අද තෙල් මිල වෙනස් වෙන නිසා. ඉන්ධන මිල සමාලෝචනයට පත් කළ අමාත්‍ය අනුකමිටුව අද රැස් වෙන්න නියමිතයි.
ඉන්ධන මිල සංශෝධනය වීම සම්බන්ධයෙන් අවසන් තීරණය අද පස්වරුවේ දැනුම් දෙන්න දෙනවා. ලෝක වෙළඳ පොලේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 81 ඉක්මවා ගිහින් තියෙනවා.
ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ ඉල්ලුම සහ සැපයුම අතර සමබරතාවයක් නොමැතිවීම ඉන්ධන මිල ඉහල යාමට හේතුව කියලා. ගෝලීය දේශපාලන ප‍්‍රවනතා සහ ප‍්‍රධාන පෙලේ තෙල් නිෂ්පාදන රටවල් වල නිෂ්පාදන අඩාල වීම හේතුවෙන් ලෝක වෙළදපොලේ ඉන්ධන මිල තවදුරටත් ඉහල යා හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
ඉන්ධන මිල සමාලෝචන කමිටුව පසුගිය මස 10 වනදා රැස්වූ අවස්ථාවේදීද ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ඉහළ නංවනු ලැබුවා. ඒ අනුව ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 149 ක් දක්වාත් ඔක්ටෙන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 161 ක් දක්වාත් ඉහල දැමුණා.
ඉන්ධන මිල සූත‍්‍රය කි‍්‍රයාත්මක වීමෙන් අනතුරුව ගතවූ මාස 03 තුළ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 13 කින් සහ ඞීසල් ලීටරයක් රුපියල් 14 කින් ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර අද රැස්වන කමිටුව මගින් ඉන්ධන මිලෙහි වෙනසක් යලි සිදු කලහොත් බස් ගාස්තු සම්බන්ධයෙන් තීරණය කිරීම සදහා බස් සංගම් අද පස්වරුවේ රැස්වීමට නියමිතයි.