News Line| Off Air
Generic placeholder image

Oct
10

ලංකාවේ Passport එකට ලෝකයේ තියෙන වටිනාකම

2004 Views


ලංකාවේ Passport එකට ලෝකයේ තියෙන වටිනාකම

ලෝකෙ බලවත් ගුවන් ගමන් බලපත්‍ර පිළිබඳව සිදු කරපු ලැයිස්තුගත කිරීමට අනුව ලංකාවෙ ගුවන් බලපත්‍රයට හම්බවෙලා තියෙන්නෙ 83 වෙනි තැනයි.

ශ්‍රී ලංකාවෙ ගුවන් ගමන් බලපත්‍රය තියෙන පුද්ගලයෙකුට වීසා නැතිව වෙනස් රටවල් 17කට ඇතුල් වෙන්න අවසර තියෙනවා. අදාල රටට ආවට පස්සෙ වීසා ලබාගැනීමේ පහසුකම් තියෙන්නෙ රටවල් 30 කට විතරයි. අනික් රටවල් 151 ක සංචාරය කරන්න ලංකාවෙ ගුවන් ගමන් බලපත්‍රය තියෙන කෙනෙක් කල් ඇතිව වීසා ඉල්ලන්න අනිවාර්යයි කියලා දර්ශක වාර්තා කරලා තියෙනවා.

මේ දර්ශකයට අනුව පළෙවෙනි තැන හිමිකරගෙන තියෙන්නෙ සිංගප්පූරුව හා ජර්මනියයි. ඒ ලෝකයේ රටවල් 165 කට වීසා ගාස්තු නැතිව හෝ අදාල රටට ගිය පසු වීසා ලබා ගැනීමේ පහසුකම එක්කයි.

passportindex.com වෙබ් අඩවිය තමයි මේ බව සඳහන් කරලා තියෙන්නෙ. මේ වෙබ් අඩවියට අනුව දෙවන තැනට රටවල් 11 ක් ඇතුලත් වෙනවා. ඩෙන්මාර්ක් , ස්වීඩන් , ෆින්ලන්තය , ලක්සම්බර්ග් ,ඉතාලිය , ප්‍රංශය , නෝර්වේ ,නෙදර්ලන්තය , ස්පාඤඤය ,දකුණු කොරියාව , ඇමරිකාව තමයි ඒ රටවල් වෙන්නෙ. මේ රටවල් විදෙස් ගමන් බලපත්‍ර දරන පුද්ගලයින් ලෝකයේ රටවල් 164 කට වීසා ගාස්තු නැතිව හෝ අදාල රටට පැමිණීමෙන් පස්සෙ වීසා පහසුකම් ලබා ගන්න අවසර තියෙනවා.

මේ දර්ශකයට අනුව අන්තිම ස්ථාන තුන පිලිවෙලින් පාකිස්ථානය (88 වන ස්ථානය) ඉරාකය (89 වන ස්ථානය) සහ ඇෆ්ගනිස්ථානය (90 වන ස්ථානය) හිමි කරගෙන තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post