News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
11

රොනී ලීච් අද අවසන් ගමන් යයි

985 Views


රොනී ලීච් අද අවසන් ගමන් යයි

අභාවප‍්‍රාප්ත ජනප‍්‍රිය ගායන හා රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි. මහජන ගෞරව සදහා දේහය මේ වන විට කොළඹ පිහිටි මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා.

පස්වරු 02.00 ට දේහය රැගත් රිය පෙරහර ආගමික කටයුතු සදහා ගල්කිස්ස ප‍්‍රදේශයේ පිහිටි දේවස්ථානයක් වෙත ගමන් ආරම්භ කිරීමට නියමිතයි. ආගමික වතාවත් වලින් අනතුරුව දේහය පිළිබද අවසන් කටයුතු සිදු කෙරෙන්නේ ගල්කිස්ස පොදු සුසාන භූමියේ දී යි.

හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් රොනී ලීච් මහතා අභාවප‍්‍රාප්ත වුනේ පසුගිය පලමුවනදායි. ඒ සංගීත ප‍්‍රසංගයක් සඳහා ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවරට ගොස් සිටියදීයි. අභාවප‍්‍රාප්ත වන විට රොනී ලීච් මහතා 65 වන වියේ පසු වුණා.


News Articles
Latest Videos
Most Popular Post